IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කට වහපං සිරියාවතී

ජාතික චිත‍්‍රපට සංස්ථාව සංවිධානය කළ 2011 කෙටි චිත‍්‍රපට උළෙලේදී ”හොඳම චිත‍්‍රපටය”        ”හොඳම අධ්‍යක්‍ෂණය” සහ ”හොඳම රංගනය” සඳහා හිමිවන සම්මාන ත‍්‍රිත්වයම චමිලා රුවන් කුමාරි අධ්‍යක්‍ෂණය කළ ”කට වහපං සිරියාවතී” චිත‍්‍රපටයට හිමිවිය. යොවුන් පුවත්පත් කලාවේදිනියක ලෙස ”නාඩන් බට්ටිච්චි” ආදී නවකතා සමගින් පාඨක හදවත් දිනූ චමිලා කලක් ගුවන් විදුලි වැඩසටහන් කළමනාකාරිනියක ලෙසද කටයුතු කළ අතර මේවන විට ට‍්‍රයඞ් දැන්වීම් ප‍්‍රචාරණ ආයතනයේ සහය නිර්මාණ අධ්‍යක්‍ෂිකාවක ලෙස සේවය කරන්නීය. ”කටවහපං සිරියාවතී” ඇගේ කුළුඳුල් කෙටි චිත‍්‍රපට නිර්මාණයයි. තම හඬට පවුල තුළ, පාසල තුළ මෙන්ම සමස්ත සමාජය තුළම ඉඩක් නොලැබීම හේතුවෙන් පීඩාවට පත් කාන්තාවකගේ අනුවේදනීය කතා පුවතක් රැගත් ”කට වහපං සිරියාවතී” පිළිබඳවත් ලැබූ සම්මානයන් පිළිබඳවත් අදහස් දක්වමින් චමිලා රුවන් කුමාරි මෙසේ සිය හඬ අවදි කළාය. ”මේ චිත‍්‍රපටයේ නිරූපණය වන අයුරින් අසහනයට පත්වන කාන්තාවන් අපේ සමාජය තුළ බහුලව දක්නට ලැබෙනවා. තම අයිතීන් ගැන තමන්ට ඇති ගැටලූ පිළිබඳ හඬක් නගන්නට යන බොහෝ අවස්ථාවලදී කාන්තාවන්ට සමාජයෙන් ලැබෙන්නේ ”කට වහපං” යන අණයි. ගැහැනියකට පිරිමියෙකුගෙන් පමණක් නොවෙයි තවත් ගැහැනියකගෙන් වුණත් ලැබෙන්නේ මේ ප‍්‍රතිචාරයමයි. කට වහපං කියා ඇගේ කට වැසුවත් හිතට එන ඒ සිතිවිලි මරන්න බැහැ. මේ නිසා කාන්තාව විශාල මානසික පීඩනයකට ලක් වෙනවා. තමන් කළ දේ වැරදියි කියා සමාජය තේරුම් ගන්නා විට බොහෝ සෙයින් ප‍්‍රමාද වැඩි වෙන්නත් පුළුවන්. මේ ඛේදාන්තය ගැන සමාජය දැනුම්වත් කරන්නයි මම මේ කෙටි චිත‍්‍රපටය රචනා කර අධ්‍යක්‍ෂණය කළේ. මගේ අදහස කාන්තා පිරිමි අප කවුරුත් සමාජයේ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. කාන්තාවන් පිරිමින් ලෙස අප වෙන්වී සිටිය යුතු නැහැ. කරන දේ පිළිබඳ නිසි අවබෝධයක් දැක්මක් ඇතිව කැපවීමෙන් ඒ කාර්ය කිරීමයි වැදගත් වෙන්නේ. සමාජ යථාර්ථයක් පටු ස්ත‍්‍රිවාදී අගතීන්ට යට නොවී ඉදිරිපත් කිරීමට මෙම චිත‍්‍රපටයේදී මා උත්සාහ කළා. ලැබුණු සම්මානවලින් සනාථ වන්නේ මගේ ඒ උත්සාහය සාර්ථක බවයි.” ගම්පහ මහාමායා විද්‍යාලය, කිරිල්ලවල මහා විද්‍යාලය, වදුරඹ මධ්‍ය මහා විද්‍යාලය සහ ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ චමිලා පුවත්පත්වලට ලිපි ලිවීම අරඹන්නේ පාසල් වියේදීමය. පාසලට සමුදී සුවඳ යොවුන් පුවත්පත හා එක්වූ ඈ ලියූ නවකතා පාඨකයින් අතර බොහෝ ජනප‍්‍රිය විය. දැන්වීම් නිර්මාන ශිල්පිනියක ලෙස ඇගේ දායකත්වයෙන් නිමැවුණු ලිප්ටන් ලා ඕජී, නිපොලැක්, සන්සිල්ක්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආදී දැන්වීම් ඉතා ජනප‍්‍රිය වූ අතර ඒවාට ඇගැයීම් සම්මානද හිමිවිය. නමුත් ඒ සෑම සම්මානයකටම වඩා තමාට වටින්නේ තම පාඨකයින්ගෙන්, ප්‍රේක්‍ෂකයින්ගෙන් ලැබෙන ඇගැයීම් බව චමිලා පවසන්නීය. සිරස ගුවන්විදුලිය සහ ඇය ලියූ ‘‘අරලියා මං ආදරෙයි’’ ගුවන් විදුලි නාටකය වැඩිම ශ‍්‍රාවක ප‍්‍රතිචාර ලැබූ දහවල් ගුවන් විදුලි නාටකය බවට පත්විය. ”මම එකම ක්‍ෂේත‍්‍රයකට කොටුවී ඉන්න කැමැති නැහැ. විවිධත්වයක් ඇති කටයුතුවල නියැළෙන්නට මම කැමැතියි. දැන්වීම් ක්‍ෂේත‍්‍රයට ආවත් මම නවකතා ලිවීම නවතා නැහැ. ඉකුත් සැප්තැම්බර් මාසයේත් සාහිත්‍ය උත්සවය නිමිති කරගනිමින් නාඬන් බට්ටිච්චී 1, 2 නුහුරු හසරැල් හා ඔබ දේදුන්න ආකාසයේ” යන කෘති හතර මා එළිදැක්වූවා. ”කටවහපං සිරියාවතී” ගැන යළිත් කතාකළොත් මෙහි රඟපෑ ඩිල්කි නෙත්මිණී දියණිය හොඳම රංගනයට හිමි සම්මානය ලැබුවා. ට‍්‍රයඞ් දැන්වීම් ප‍්‍රචාරණ ආයතනයේ සම කළමණාකාර අධ්‍යක්‍ෂ තනතුරු දරණ වරුණි ප‍්‍රනාන්දු අමුණුගම, දිලිත් ජයවීර, ප‍්‍රධාන විධායක නිලධාරී සර්ව අමරසේකර සහ රිල්ලා කාමිල්, චන්දන ගාමිණී යන හිතවතුන් ලබාදුන් සහයෝගය, ධෛර්යය නොවන්නට මට මේ තරම් සාර්ථක නිර්මාණයක් කරන්නට නොහැකි වෙන්න තිබුණා. එමෙන්ම මෙහි රංගනයෙන් දායක වූ ලියෝනි කොතලාවල, උදයංගනී සමන් කුමාරි, කලණ ගුණසේකර, කැමරා අධ්‍යක්‍ෂණය කළ රුවන් කොස්තා, සංගීතයෙන් දායකවූ රුවන් ශ්‍රී වල්පොල, කලා අධ්‍යක්‍ෂණයෙන් චරිත් වික‍්‍රමතිලක වගේම හොරණ තල්පාවිල ගම්වාසීන් මට විශාල සහයෝගයක් දුන්නා. දැන් ඉතින් චිත‍්‍රපටයකුත් කරන්නැයි මගෙන් බොහෝදෙනා ඉල්ලීම් කරනවා. චිත‍්‍රපටයක් කිරීම පහසු නැහැ. දුරදිග බලා එහි කටයුතු සැලසුම් කළ යුතුයි. හොඳ තේමාවක්, තේමාවට සාධාරණය  ඉටුවන තිර පිටපතක්, හොඳ නළු නිළි පිරිසක්, සංගීත අධ්‍යක්‍ෂණය සහ අවශ්‍ය පරිදි මුදල් වියදම් කිරීමේ හැකියාව නැතිව චිත‍්‍රපටයක් සාර්ථක කරගන්න බැහැ. එම අංග පහ සපුරා ගන්නට ලැබුණු දිනෙක මාත් චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරයි යනුවෙන්ද ඇය කීවාය.

ඩයනා උදයංගනී
හොඳම රංගනය-ඩිල්කි  



අදහස් (0)

කට වහපං සිරියාවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site