රුපියල් කෝටි පහමාරක් වටිනා රන් කිලේ 5.7ක් සිංගප්පුරුවේ සිට අනවසරයෙන් ගෙන ආ රියැදුරෙක් කටුනායක රේගු විශේෂ කාර්යංශයේ විමැසුම් අංශය විසින් අද අලුයම 2.10 අත්අඩංගවට ගනු ලැබීය මාල, වළලු, බ්‍රේස්ලට්, පෙන්ඩන්ට් ඇතුළු රන් අභරණ ලැප්ටොප් පරිගණක බෑගයක් තුළ ගෙන ආ බව කියන එම රියැදුරා ව්‍යාපාරිකයකු ලෙස සිංගප්පූරුවට ගොස් ඇත. කොළඹ කයිසර් වීදියේ පදිංචි ඔහු දොළොස් වතාවක් සිංගප්පුරුවට ගිය බව ඔහුගේ ගමන් බලපත්‍රය කියයි. නියෝජ්‍ය රේගු අධිකාරී සනත් ප්‍රනාන්දු, රේගු අධ්‍යක්ෂ සනත් ජයසිංහ හා රෝගු නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. පාස්කරන් මහත්වරු පරීක්ෂණ මෙහෙයවති.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලි
හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෝටි පහක රන් පරිගණක බෑගයෙන් එළියට
ප්‍රසන්න Thursday, 24 May 2012 04:44 PM
ගගේ බැහැල හොයන රත්තරංවලට වඩා පරිගණකයෙන් එන ඒවා බර වැඩිද??
sagan Thursday, 24 May 2012 11:24 AM
ලංකාවේ දැන් රත්තරන් තියෙනව කියල දන්නේ නැද්ද..
ෆාරු Thursday, 24 May 2012 12:11 PM
අනේ පවු, ලංකාවේ රත්තරං ගිය සතියේවත් ලැබුණනං...
සීනා Thursday, 24 May 2012 06:04 PM
පව් අයියෝ...
අමිල කටුනායක Thursday, 24 May 2012 12:18 PM
මොනද රත්තරං ඔච්චර ගණන්
ප්‍රසන්ත ධම්මික Thursday, 24 May 2012 12:41 PM
ඕක ඔය කම්පියුටර් හදපු කම්පැනිය මෙයාව අමාරුවේ දාන්න හිතන් කර වැඩක්..
වසන්ත රත්නායක Thursday, 24 May 2012 12:49 PM
ලංකාවේ ගංගා වලත් රත්තරන් තියෙන කාලේ.... සිංගප්පුර් රත්තරන් මොකටද රාලේ.........................
හාමින්ග් Friday, 25 May 2012 11:03 AM
රට ගිහින් එන හැම කෙනාම මෙහෙම චෙක් කරනවද ???
සකල බුජන් Thursday, 24 May 2012 08:19 PM
පොඩ්ඩලට පටලැවිලා
රජිත් Thursday, 24 May 2012 01:38 PM
රේගුවත් 1 දා ගන්න ඕක අල්ලන්න ඇති
අලිබබා Thursday, 24 May 2012 02:27 PM
දැන් මෙහෙම රත්තරංහමිබවෙනවා. රත්තරංගේනවා. රත්තරං අල්ලනවා. මෙහෙම ගියොත් මොකද වෙන්නේ විදෙශිය රටවල් ලංකාවෙන් ආධාර ඉල්ලයි. එතකොට කාටද රත්තරං ආඩමිබර රත්තරං.
ෆාරු Thursday, 24 May 2012 11:35 PM
11ස් වතාවක් කොච්චර ගේන්න ඇද්ද....
සිංහලයා Friday, 25 May 2012 02:44 PM
කස්ටම් එකේ නට්ටියට මේ ගමන සල්ලි දෙන්න අමතක වෙන්න ඇති. මම මේ කතා කරන්නේ වගකීමෙන්.ඕනනම් ඕකේ ඉන්න හොරුන්ගේ නම් ගම් උණත් මට දෙන්න පුළුවන්.ඒත් අල්ලන්න බෑ.ඕක තමයි අද රටේ හැටි