IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කෝටි තුනහමාරක දේපළ තහනමක්:කාන්තාවක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 උපයා ගත් ආකාරයක් හෙළි කිරීමට නොහැකි ලෙස මුදල් රැස්කර පර්චස් 8 දශම 67 වපසරියකින් යුත් ඉඩමක රුපියල් කෝටි 3 1/2  ක දල වටිනාකමක් තිබෙන දෙමහල්   සුඛෝභෝගී නිවසක් ඉදිකරමින් සිටි  මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අඩි 15 ක් උසැති තාප්පයකින් වට කරන ලද එම සුවිසල්  නිවස ඇතුළු දේපළ ද තහනමට ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.

සැමියාට හෝ බිරිඳට නිසි රැකියාවක් නොමැතිව කිසියම් නීති විරෝධී කටයුත්තක නිරත වෙමින්  බෝකුන්දර පාසල් මාවතේ සුඛෝ භෝගී දෙමහල් නිවසක් ඉදිකරමින් පවතින බව  නිති   විරෝධී  වත්කම් විමර්ශන කොට්ඨාශයට  2023 වසරේ  ලද රහසිගත තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව  සැකකාරිය අත්අඩංගුවට  ගෙන ඇත.

මෙම සැකකාරිය  විදේශ ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකුගේ අනුගාමිකයන් ලබා දෙන මත්ද්‍රව්‍ය  කිරුලපන  සහ වැල්ලවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්  ජාවාරම සිදු කරන බවට  විමර්ශනවලදී හෙළිවීමෙන් අනතුරුව 2024 වසරේදී සැකකාරියට විරුද්ධව  විදේශ ගමන් තහනමක් ලබාගත් බවද පොලිසිය කියයි.

 

 

 



අදහස් (3)

කෝටි තුනහමාරක දේපළ තහනමක්:කාන්තාවක් අත්අඩංගුවට

කමල් Wednesday, 30 July 2025 11:19 AM

විමර්ශන නිලධාරීන්ගේ මුහුණු පෙන්වීම හරිද?

:       0       1

ගුණරත්න Wednesday, 30 July 2025 01:31 PM

දැන් කාලේ කෝටියක් කියන්නේ 90' ගණන් වල ලක්ෂ 10ක් වගේ. කෝටි 3ක් වටිනා නිවසක් කියන්නේ ඉඩමත් එක්ක නිවසේ වටිනාකම නම් ලොකු දේපලක් නෙවෙයි. ලංකාවේ නගරබද සාමාන්‍ය නිවසක වටිනාකම තමයි ඒ!

:       11       5

දිමුත් Thursday, 31 July 2025 10:58 AM

එකපාරට අද ඊයේ පොහොසත් වෙන හුගක් අයගේ තත්වේ ඔහොම වෙන්නැති..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site