IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘කොටි ගහලා මදි තොපිට‘

උඩ වතුර තරු වලට

මැද වතුර පටි වලට

මඩ වතුර පොඩි අපිට

කොටි ගහලා මදි තොපිට

යැයි යුද සමයේ යාපනයේ බිත්තියක ලියා තිබූ කවියක් උපුටා දක්වමින් ආණ්ඩුව යුද සෙබළුන් ත්‍රස්තවාදීන් කඅන බවත් ත්‍රස්තවාදීන් රණවිරුවන් කරන බවත් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රියාද් අද්මිරාල් සරත් වීරසේකර චෝදනා කරයි.

මේ ආණ්ඩුව රට බෙදීමට උත්සාහ කරන බවත් එහෙයින් කොටි ගසා මදි බවත් ඔහු පැවසීය.

ශ්‍රීලංකා රාජ්‍යය දියකර හැරීමේ කුමන්ත්‍රණය පරාජය කරමු මැයෙන් යුතුකම සංවාද කවය සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව කීය.

වත්මන් ආණ්ඩුව සංහිදියාව ඇතිකරන බව පවසමින් රට බෙදීමට උත්සාහ ගන්නා බවට ඔහු චෝදනා නැගීය.

 COUNTRPRE-0124-01 COUNTRPRE-0124-02 COUNTRPRE-0124-03 COUNTRPRE-0124-04

ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක



අදහස් (0)

‘කොටි ගහලා මදි තොපිට‘

පියල් Friday, 05 February 2016 07:59 AM

මෙයා හොඳ මහත්මයෙක් මම එයා එක්ක සේවය කරපු කෙනෙක් නමුත් මෙම මහත්මය ගොඩක් අන්ත වාදියි . වීරසේකර මහතාණනි එය අඩු කරගන්න. (බ)

:       0       0

මහින්ද ආර්.කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 25 January 2016 11:12 PM

නිමල්, එතුමා හමුදාවේ ඉන්නකොටත් දේශප්‍රේමය ගැනත් අපේ තිබු පෞඪත්වය ගැනත් එය රැකගැනීමේ වැදගත්කමත් සෙසු සාමාජිකයන් හට නිතර සිහිපත් කළ කවුරුත් ගරුකළ හමුදා නිලධාරියෙක්. (නි)

:       0       0

බමුණු Monday, 01 February 2016 05:25 AM

නිමල් ලාලිත ඔබ මම කිවූ දේ වැරදියට වටහාගෙන.මම තවත් කෙනෙකුගේ වැකියක් ලියා එය වෙවචනය කල එකයි කලේ. (ර)

:       0       0

චන්ද්‍රා Saturday, 30 January 2016 09:53 AM

පසුගිය දශක තුන හතර ජාතිය හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා ජාතිය වට්ටන්න හැසිරුනේ කෙසේද යන්න දන්නෝ දනිති, , රට දැන් දුවන්නේ රට රකින්න වැඩකළ පිරිස පෙලන්න බව දිනපතා සිදුවෙන දෙයින් වැටහෙයි. මේවට දැන නොදැන බහුතර ජනමතය මහා ඡන්දයේදී දුන් පිරිසටද තම දෑතින්ම තොන්ඩුව දා ගන්න වෙන එක නොවේද බලමු. (බ)

:       0       0

චන්න බුවනක Thursday, 04 February 2016 06:32 PM

බමුණු, ඔබ සිතු අදහස පැහැදිලිව ඉදිරිපත් කරගැනීමට ඔබ අපොහොසත් වී ඇත. (නි)

:       0       0

නිමල් Monday, 25 January 2016 12:47 PM

දේශප්‍රේමය ඉතා හොඳයි. දේශපාලන වශයෙන් කරගන්න දෙයක් නැති වෙනකොට විතරක් දේශප්‍රේමය මතක් වෙන එකයි වැරැද්ද. (ර)

:       0       0

බමුණු Tuesday, 02 February 2016 06:40 AM

නිමල් ලාලිත , මම කීව්ව දේ වැරදියට වටහා ගෙන. මමකලේ තවත් කෙනෙකුට පිළිතරු දීමයි. (ර)

:       0       0

මහින්ද Tuesday, 26 January 2016 07:12 AM

උඩ වතුර අවුරුදු 35ක් බීල බීල දැන්ද මතක් වුණේ මහත්තයට (අ)

:       0       0

මදු Monday, 25 January 2016 01:07 PM

ඔතන ඉන්න බොහොමයක් මහත්වරුන්ගේ දරුවන් ඉගෙන ගන්නේ වැඩ කරන්නේ පිට රට. (ර)

:       0       0

නෙවිල් Thursday, 04 February 2016 02:55 AM

මම නිමල්ට එකඟයි (නි)

:       0       0

නිමල් Tuesday, 26 January 2016 07:13 AM

දැන් බොන්නෙත් බෝතල් වතුර (අ)

:       0       0

දුමින්ද Monday, 25 January 2016 07:32 AM

ඒකීය රාජ්‍ය සදාකාලිකද (බ)

:       0       0

රජීව් Tuesday, 26 January 2016 04:33 PM

මිනිස්සුන්ට පිස්සෝ කියල අපහාස කර කර ඉන්න වෙලාවේ මේ අය කියන දේ වල තේරුමයි රටේ සිදුවන දේවලුයි ගැන සොයා බලන්න. (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 27 January 2016 11:04 PM

ඔය කවුරු කවුරු ගැනත් අපි නම් දන්නවා (නි)

:       0       0

සත්‍යපාල Thursday, 04 February 2016 11:24 AM

බාල දේශප්‍රේමයට වඩා වටින්නේ ජාතීන් අතර සමගිය හා විශ්වාසය කියලා තේරුම් නොගන්න තාක් මේ රට අඳුරේ කියලා තමයි කියන්න වෙන්නේ. (බ)

:       0       0

තිස්ස Sunday, 24 January 2016 11:14 PM

සහතික ඇත්ත... (නි)

:       0       0

අමිල Monday, 25 January 2016 02:24 PM

එ තුමා හමුදාවේ ඉන්න කාලේ පොඩි අය ගැන බැලුවේ කොහොමද කියල අැහුවොත් පොඩි අය ඕකට උත්තරය හොදින් කියයි (අ)

:       0       0

හේමන්ත Monday, 25 January 2016 08:23 AM

ඔක්කොම පිස්සෝ සෙට් එක මෙතන ඉන්නවා (බ)

:       0       0

බෙන්තර මහේෂ් Monday, 25 January 2016 08:25 AM

ඔබතුමාලට වැඩිය රටට ආදරේ කරන මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අයගෙන් හැමෝටම ඔබතුමාලට වගේ ඒක මාධ්‍ය ඉස්සරහ කියල දේශප්‍රේමී ලේබලේ අලවාගන්න බෑ (බ)

:       0       0

ලුම්බිණි Tuesday, 26 January 2016 03:03 AM

ඕනෑම රටක අන්තවාදීන් ඉන්නවා. මේකට කලබල වෙන්න දෙයක් නැහැ. (බ)

:       0       0

ලක්ෂ්මන් Thursday, 28 January 2016 08:04 AM

ඔය කතා සෙබළු කිව්වේ හමුදාවේ ඔබ තුමා වගේ නිලයන්ට නේද .ඔය කතා සිවිල් සමාජයට කීමෙන් අපේ රෙදි ගැලවෙනවා නේද (බ)

:       0       0

කමල් Monday, 25 January 2016 02:02 AM

අපි බැලිය යුත්තේ ඉදිරිය දෙසයි. රට සංවර්ධනය කිරීම ගැනයි (නි)

:       0       0

නිල්මිණි Tuesday, 26 January 2016 03:38 AM

හිතට එකගව නිදහසේ මැරෙන්න පුලුවන්ද මන්ද මේවා කරන ම්නිස්සුන්ට ? (බ)

:       0       0

වඩුගේ Tuesday, 26 January 2016 04:00 AM

මේ කවිය ලියලා තිබුනේ යුද සමයේ. ඒකෙන් පෙනෙන්නේ ඒ කාලෙත් හමුදාවේ පොඩි අයට මඩ වතුර. එහෙව් එකේ දැන් කුමන කතාද? රණවිරුවන් කියන්නේ ලොකු නිලධාරීන් පමණක්ද? (නි)

:       0       0

බමුණු Tuesday, 26 January 2016 08:26 AM

පැන්සලක් ගෙන ගණන් සාදා බලන්න රට බෙදුනොත් ද්‍රවිඩයකුට භූමියෙන් වර්ග මීටර් 10700 ලැබෙනවා සිංහලයකුට භූමියෙන් වර්ග මීටර් 2000 පමණ ලැබෙනවා. කොහොමද කැමතිද? (බ).

:       0       0

බමුණු Tuesday, 26 January 2016 08:28 AM

ඔක්කොම පිස්සෝ සෙට් එක මෙතන ඉන්නවා . පිස්සා හිතන්නේ අනික් අයත් පිස්සෝ කියලනේ පිස්සට රට ජාතිය ගැන කතා කිරීමත් පිස්සුවක් කියල හිතන්නේ. (බ)

:       0       0

මජි Wednesday, 27 January 2016 03:14 PM

අන්තගමීත්වය කරපින්නා ගත්ත ඊනියා සිංහලයන්... ඔහුන් තවම ජීවත් වෙන්නේ මධ්‍යතන යුගයේ (අ)

:       0       0

රොෂාන් Friday, 29 January 2016 04:13 PM

නිමල් ලාලිත , තව ගොඩක් අය ඔබ සමග සිටින බව දැන ගන්ඩ. (බ)

:       0       0

යාපා Wednesday, 27 January 2016 11:20 AM

එම කවියෙන් කියල තියෙන්නේ ඒ කාලයේත් සොල්දාදුවන්ට සිදුවුණා අසාධාරනය ගැන මිසක ඔවුන්ට යහපත ගැන නොවේ (බ)

:       0       0

අශෝක Thursday, 28 January 2016 04:18 AM

බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ . ඔබතුමන්ලා ඔය කරන ජාතිය දැනුවත් කිරීම දිගටම ක‍රන්න . සිංහලයෝ කියන සුළු ජාතිය වඳකරන විදේශික බලවේග වල අතමාරුවට කෑදර එව්වන් ඕන දෙයක් කියපුවාවේ. (බ)

:       0       0

කුමුදු ද ගුණසේකර Monday, 25 January 2016 04:15 AM

එතුමා ඔය කතාවම මීට කලිනුත් දවසක් කිව්වා මතකයි. එතුමා රටට ආදරේ කරන විශිෂ්ට පුත්‍ර රත්නයක්. (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 27 January 2016 05:46 PM

ඇත්ත කතාව (නි)

:       0       0

දහම් Monday, 25 January 2016 11:32 AM

හේමන්ත, අංගොඩ ඉන්න ලෙඩ්ඩුත් දොස්තරලට බනිනවා (බ)

:       0       0

දහම් Monday, 25 January 2016 11:41 AM

බෙන්තර, අලව ගන්න ඕනේ නැහැ. දේශප්‍රේමීද දේශද්‍රෝහීද කියන එක තම තමන්ම දන්නවා ඇති. (බ)

:       0       0

නිමල් ලාලිත Wednesday, 27 January 2016 07:30 AM

මම නම් සිංහල ජාතික වාදී පිස්සෙක්. එ්කනේ සිංහල ද්‍රෝහියන්ගෙන් පළිගැනීමට මරණයෙන් පසු බලවත් යක්ෂ ආත්මයක් හෝ ලැබේවා යි පැතීම කරන්නේ. නමුත් සිංහල අයිතිය ගැන කතාකරන මිනිසුන්ට පිස්සන් යි කියන මේ බමුනුට පිස්සුද කියල මට හිතෙනවා. මෙහෙම කියොත් සිංහලයන්ට මීටර් 2000 තියා 100 වත් ඉතිරි වෙන එකක් නැහැ. (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 26 January 2016 02:22 PM

ඔබතුමලා රට ගැන හැඟීමකින් මේවා කරනවා වෙන්න පුළුවන්, එත් මේ රටේ බහුතර පිරිසක් දරන්නේ ඔයිට වැඩ විකල්ප මතයක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site