IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෝටි එක හමාරක කංසා යාලෙදි වනසයි

යාල වනාන්තරයේ අක්කර තුනක කංසා හේනක් වැටලූ බව මහනුවර විශේෂ සුරාබදු ඒකකය කියයි.

සුරාබදු නිලධරයන් 12 දෙනකු කිලෝමීටර 14ක් කැලේ ඇතුළට ගොස් මෙම කංසා වගාව වනසා හය දෙනකු අත්අඩංගුවට ගත් බවත් කංසා තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටි එක හමාරක් පමණ වන බවත් මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ගාමිනී අධිකාරි මහතා පවසයි.

 



අදහස් (0)

කෝටි එක හමාරක කංසා යාලෙදි වනසයි

එරන්දි Monday, 10 June 2013 04:33 AM

කැලේත් විනාශ වෙනවා නේද? (නි)

:       0       0

දයා අලහාකෝන් Sunday, 09 June 2013 06:09 PM

ඇයි මේ කංසා විනාශ කරන්නේ. මේ සිංහල බෙහෙත් ඖෂධයක්. ආයුර්වේදයට මේවා දෙන්න තහනම්ද? (නදී)

:       0       0

උපාලි Monday, 10 June 2013 05:21 AM

රංජනී, කට කට. දැනුත් අලින්ගෙන් කැලේ ආසන්න ගම්මාන වල මිනිස්සුන්ට බේරෙන්න බැරුව ඉන්නේ. ඔයාගෙ පණිවුඩේ ඇහිලා උන් මේවටත් ඇබ්බැහි වුනොත් ඒ මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. (නි)

:       0       0

කෙවින් Sunday, 09 June 2013 06:26 PM

අනේ මහත්මයාණනි, ටිකක් හිතල බලන්න. තෛලෝක පත්‍රයෙන් ටිකක් පාවිච්චි කලාට මොකද තරුණයන්. කල්පනා ශක්තිය දියුණු වෙනවා නේද තරුණ පරපුරේ. අලුත් අදහස් එක්ක තුන්වන ලෝකයෙන් දෙවන ලෝකයට අපේ රට ඉබේටම යනවා එතාකොට. ඔය මහා පරිමාන අරක්කු තැබෑරුම් වහන්නකෝ? ලොකු කුඩු මුදලාලිලා අල්ලන්නකෝ?(නදී)

:       0       0

සිරිලාල් Monday, 10 June 2013 05:39 AM

කංසා කියන්නේ වටිනා බෙහෙතක්. එයට වඩා භයානක මත්ද්‍රව්‍ය ලංකාවේ කොතෙකුත් තියෙනවා. භයානකකම වැඩි ඒවා ඉස්සෙල්ලා විනාශ කරන්න. කොයිදේත් භවිතා කරන විධියෙන් තමයි ප්‍රතිඵල වෙනස් වෙන්නේ. (නි)

:       0       0

දිසා Monday, 10 June 2013 06:49 AM

අහෝ දුකකි! මෙලොව උතුම් මෙවන් රටකට ගිය කලක් ! (නි)

:       0       0

රංජිත් Sunday, 09 June 2013 07:12 PM

මේ කරන නීතිමය කටයුතු සඳහා සෑම නිලදාරියකුටම ශක්තිය සහ ධෛර්යය ලැබේවා! මතට තිත සාර්ථක කරමු. (නි)

:       0       0

ඉෂාර Monday, 10 June 2013 08:36 AM

වවන්නෝ දිනන්නෝ.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 10 June 2013 01:15 PM

වන ජීවී එකේ ලොක්කට විරුද්ධව නඩු පවරන්න. තමන්ගේ ගෙදර ඉඩමේ ගංජා වැව්වොත් ගෙදර අයිතිකාරයට විරුද්ධව නඩු පවරනවා. කෝට් ගණන් වටින ගංජා වගාවල් කරන කම් එතුමා ඇතුළු නිලධාරීන් උඩ බලාගෙන හිටියද?  මේවා කරන්නේ මේ ගොල්ලන්ගේ අනු දැනුම ඇතුව.(නදී)

:       0       0

අමාලි සිල්වා Sunday, 09 June 2013 08:56 PM

රුපියල් කෝටි එක හමාරක් අපරාදේ වෙනසුවේ. අවශ්‍ය අය සොයලා ඒ ටික විකුණලා රජයට සල්ලි සොයා ගන්න තිබ්බා. දේශීය නිෂ්පාදනයක් ඒක. දැන් වෙන්නේ අඩුව පිරිමසා ගන්න ඉන්දියාවෙන් හෝ පකිස්ථානයෙන් හොරට ගෙන ඒක රටේ මුදල් පිට යන එකක්.(නදී)

:       0       0

රංජනී Sunday, 09 June 2013 10:35 PM

මේවා අලින්ගෙන් කොහොමද පරිස්සම් කලේ ? (නදී)

:       0       0

ලලිත්-එස්.එල් Sunday, 09 June 2013 04:10 PM

ඒ ගොල්ලෝ කියනවා අපි අහනවා වවන්නෝ ඉවක් බවක් නැතිව කිසි කරදරයක් නැතිව වවනවා.(නදී)

:       0       0

චන්දි Sunday, 09 June 2013 11:30 PM

රන්ජනී,අපේ මෝඩ මිනිස්සු ගංජා ගැහුවට මොලේ තියෙන අලි ගංජා ගහන්නේ නැහැ (අලි ගංජා ගැහුවොත් කොහොම තියේද නේ).(නදී)

:       0       0

හෆ්ලීන් Monday, 10 June 2013 10:58 AM

නියමයි. (ස)

:       0       0

ගාමිණී-සිරි Sunday, 09 June 2013 04:30 PM

අනේ කොමසාරිස් තුමනි, කංසා හේනේ අයිති කාර ගොවි මහතා අල්ලාගෙන,කුසට අහරක් නැතිව, හරියට කුලියක් නැතිව, සතා සර්පයා ගෙන් බැට කාලා,කැලේ සිටිය අහිංසක කම්කරුවන් 6 නිදහස් කරලා දමන්නකෝ. ටිකක් සැලකුවා නම් ලොක්කගේ ඇති අනිත් හේන් විස්තරත් කියාවි.(නදී)

:       0       0

නීල් Sunday, 09 June 2013 05:18 PM

සාර්ථක වැටලීමක්. (නි)

:       0       0

සමන් Sunday, 09 June 2013 05:24 PM

පළාතේම ඉන්න සත්තු ටික පිස්සු වැඩ කරන්න ඇති (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site