IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කටාර් ගුවන් යානාවලට සෞදි-ඊජිප්තු ගුවන තහනම්

කටාර් ගුවන් යානාවලට තම ගුවන් සීමාව තහනම් කිරිමට සෞදි අරාබිය සහ ඊජිප්තුව පියවර ගෙන තිබේ.

කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට සහ මූලධර්මවාදී අදහස් ප්‍රචලිත කිරීමට උපකාර සපයන බවට චෝදනා කරමින් සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැර දැමීමට පියවර ගත්තේය.

ඒ අනුව එහි පියවරක් ලෙස කටාර් රාජ්‍යයෙන් ගල්ෆ් කලාපීය ගුවන් සීමාවට තර්ජනයක් තිබෙන බව කියමින් ඊජිප්තුව මෙම පියවර ගෙන තිබේ.

කලාපය තුළ අන්තවාදය ව්‍යාප්ත කිරීමට කටාර් රාජ්‍යය සහයෝගය දෙන බව පවසමින් සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් මෙලෙස කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සියල්ල අත්හැර දැමීය.

එපමණක් නොව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව සහ බහරේනය කටාර් රාජ්‍ය සමඟ තිබෙන ගුවන්, නාවික සහ ගොඩබිම් ප්‍රවාහන සබඳතා සියල්ල නවතා දැමීමට ද පියවර ගත්තේය.
කෙසේ නමුත් මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන කටාර් රාජ්‍යය කටාර් රාජ්‍යයට එරෙහිව අසත්‍ය ප්‍රචාරයක් පතුරවන බවත් මෙවැනි තීරණවලින් කටාරයේ ස්වෛරීත්වය උල්ලංඝණය වන බවටත් චෝදනා කරයි.

ඒ.එෆ්.පී/රොයිටර් 055



අදහස් (0)

කටාර් ගුවන් යානාවලට සෞදි-ඊජිප්තු ගුවන තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site