IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොටහේනේ වෙඩි තැබීමට තිදෙනකු අල්ලයි

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොටහේන බ්ලූ මැන්ඩල් රේල් පාර අසල වෙළඳ සැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ පැදිකරු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය කියයි.

එම සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මෙන්ම සුඛෝ භෝගී මෝටර් රියක් සහ ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

එම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූවේ කොළඹ 13 බ්ලූ මැන්ඩල් පාර සිරි සඳ සෙවන මහල් නිවාසපදිංචි  එම්  නිලාම් නසීර් අවුරුදු 41 නැමැත්තෙකි. වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හා පැළඳ පැමිණි  ආරක්ෂක හිස් වැසුම් දෙක කොටහේන මැටි පාක් ප්‍රදේශයේ තිබී එදිනම පොලිස් භාරයට ගැනිණි

තුවාල ලද පුද්ගලයා බ්ලූ මැන්ඩල් රේල් පාර ආසන්නයේ ශ්‍රී බෝධිමළු විහාරය අසල පළතුරු සහ පරවියන් වලින් අලෙවි කරන වෙළඳසැලක් පවත්වාගෙන යන අතර   එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණි  නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔහු ඉලක්ක කර එම වෙඩි තැබීම ඉකුත් 18 වෙනි දින සිදු කරතිබිණි.



අදහස් (0)

කොටහේනේ වෙඩි තැබීමට තිදෙනකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site