
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට්ටියක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (9) පෙරවරුවේ ඇතිවිය.
මේ සිද්ධිය ගැන සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය කතා කිරීමට උත්සාහ ගත්ත අවස්ථාවේදී කතානායකවරයා ඊට ඉඩ දුන්නේ නැත. මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සිය අසුන් වලින් නැගිට ඊට විරෝධය දක්වා දිගින් දිගටම කෑගසන්නට වූහ.
මේ හේතුවෙන් සභාව පාලනය කර ගැනීමට කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
COMMENTS
අපි මාලිමාවට කැමැතියි... නමුත් වහල්ලු නොවෙයි… රටේ අපරාධ, මිනීමැරුම් දිනෙන් දින වැඩිවෙනවා. ඒවා බාරව ඉන්න බැංකු ඇමැතියා ටියුෂන් දෙන්නයි, අපි ආණ්ඩුව ගත්තේ ආපහු දෙන්න නොවෙයි වගේ පම්පෝරි ගහනවා. ඒ නිසාම ඊයේ පෙරේදා ජනතාව අනතුරු ඇඟවීමක් කරා….
ඔය පුංචි දරුවාට අතවර කරපු කාලකන්නියා මේ ආණ්ඩුවේ ඉහළම අත්තක් කියලා අපිට අහන්න ලැබුණා. ඒත් ඉතින් දැන් මාධ්‍ය ආණ්ඩුවේ බලයට යට වෙලා නිසා ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැහැ.
උණුසුම් වෙලා වැඩක් නෑ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.
හැම එකටම ආණ්ඩුව... ඉස්සර ආණ්ඩුවලට වඩා NPP සීයට, දෙසීයක් හොඳයි. බයි වහල්ලුන්ට රට වනසපු හොර කාලකණ්ණින් තමයි හොඳ..