ව්‍යාජ වීසා භාවිතා කරමින් කටාර් රාජ්‍යය හරහා ඉතාලියට පැන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල් කර ආපසු මෙරටට එවනු ලැබ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මුලතිව් පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පසුගිය 9 වෙනිදා මෙරටින් පිටවගොස් ඇත්තේ ඔහුගේ වලංගු ගුවන්බලපත්‍රය හා වීසා භාවිතා කරමින් බව පොලීසිය කියයි.
පසුව දෝහා කටාර් ගුවන්තාටුපොළේදී ව්‍යාජ ඉතාලි වීසා ස්ටිකරයක් තම ගුවන්ගමන් බලපතේ අලවාගෙන ඉතාලියට යාමට උත්සහ කරද්දී එරට බලධාරීන් විසින් ඔහු අත් අඩංගුවට ගෙන මෙලෙස ආපසු හරවා එවා තිබේ.
සැකකරු ඉතාලියට ගිය පසු එහි වෙසෙන ඔහුගේ ඥාතියෙක් විසින් මෙරට ඒජන්තවරයෙකු වෙත මුදල් ලබා දීමේ කොන්ත්‍රාත්තුවක් මත ඔහු මෙලෙස ක්‍රියාකර ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදුකිරීමෙන් අනතුරුව සැකකරු මීගමුව මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2025 දෙසැම්බර් මස 18
329
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටාර් හොර ගමන අහුවේ
සනත් අයගම Friday, 11 September 2015 02:57 PM
අහිංසක කෙනෙක් ගියොත් (අ)
සනත් අයගම Friday, 11 September 2015 03:01 PM
අහින්සක එකෙක් යන්න උත්සහ කලොත් එයාව අල්ලලා සවුත්තු කරනවා. උඩ පනිනවා ලොකු දෙයක් වගේ , කොච්චර නම් පට්ට හොරු ,පාතාලයෝ රට යනවද ..කෝ හොයනවද ,හෙව්වද , අර බ්ලුමැන්ඩල් සිද්දියම එයට උදාහරණ .උන් ඔක්කොම පැනගත්ත නේ එක හින්ද මේ වගේ බාල වැඩ ගැන අපිට කියන්න එපා (අ)
සණා Friday, 11 September 2015 03:45 PM
සනත් ඔබ; හරි මමත් ඔබ සමග (අ)
තිලක් [ කටාර් ] Friday, 11 September 2015 08:26 PM
මෙයාව අල්ලලා තියෙන්නේ කටුනායකින් නෙමෙයිනේ, කටාර් වලින් (නි)
තිලක් [කටාර්] Friday, 11 September 2015 08:31 PM
සනත්, ලංකාවේ බලධාරීන්ට බැනලා වැඩක් නැහැ. කටාර් ගුවන් තොටුපළේ හොර වැඩ කරන්න බැහැ. (නි)
මොහොමඩ් Saturday, 12 September 2015 05:21 AM
තිලක් ඔය හරි ලංකාවෙන් හොරට පැනගත්තාට මැදපෙරදිග ඒවා කරන්න බැහැ (අ)
තුවාන් Saturday, 12 September 2015 06:50 AM
ලංකාවෙන් ගිහිල්ල තියෙන්නේ වලංගු විසා එක්ක, තව පාරක් කියැව්වත් හොඳයි වගේ. (නදී)