රුපියල් එක්කෝටි පන් ලක්ෂයක් වටිනා රත්තරන් කැබැලි 21 ක් කලිසම් ඉනෙහි අලවාගෙන සහ සබන් කැටයක් තුළ සගවාගෙන සිංගප්පුරුවේ සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවෝ පන්නල හා කොච්චිකඩේ යන පෙදෙස්වල පදිංචි වයස අවුරුදු 43,45 සහ 47 වියේ පසු වෙති.
මොවුහු පසුගිය 12 වෙනිදා ව්‍යාපාරික කටුයුතු සඳහා සිංගප්පුරුවට ගොස් ඇති බව රේගුව කියයි.
පන්නල පදිංචි පුද්ගලයා විදුලි උපකරණ ව්‍යාපාරිකයෙක් බවත් ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා මින් පෙර කිහිප වතාවක් සිංගප්පුරුවට ගොස් ඇති බව අනාවරණය වී ඇත. සෙසු දෙදෙනා සිංගප්පුරුවට ගිය පළමු වතාව මෙයයි.
පන්නල ව්‍යාපාරිකයාගේ උපදෙස් මත සෙසු දෙදෙනා ක්‍රියා කොට ඇති බවට රේගුව සැකකරයි.
අත් අඩංගුවට ගනු ලැබූ රත්තරන් කැබලි වල බර කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් සීයකි.
මින් සැකකරුවෝ දෙදෙනෙක් ග්‍රෑම් එකක් බැගින් බර වු රන් කැබලි 10 බැගින් තම කලිසමේ ඉන වටේ අලවාගෙන ද, අනෙකා එක් රන් කැබැල්ලක් සබන් කැටයක් තුලද සගවාගෙන රැගෙන විත් තිබු බව රේගුව කියයි.
සැකකරුවෝ එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන්යානයෙන් ඊයේ අළුයම 3.30 ට පමණ මෙරටට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී ඉන්ද්‍රා උක්වත්ත, සහකාර රේගු අධිකාරීවරුන් වන තුෂාර පෙරේරා, ඒ.කේ සමන්ජිත්, ජනිත් විමලදාස, ටී.පී නන්දසිරි, ශ්‍රී ලාල් විජේවර්ධන යන නිලධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
236
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියක රන් කටුනායකදි අල්ලයි
ගිහාන් Sunday, 21 September 2014 05:18 AM
මේවා නම් දැන් අපිට සාමාන්‍ය දේවල් වෙලා (නදී)