IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝටියකට කන්න හැකි ආහාර 2021 දී විසි කරලා

(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළු වලින් සියයට 19ක් හා පළතුරු වලින් සියයට 21ක් ප්‍රවාහනයේ දී විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
 නිසි ප්‍රවාහන කටයුතු අනුගමනය නොකිරීම නිසා මෙලෙස පාරිභෝජනයට ගත නොහැකිව විනාශ වන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
ඒ අනුව වාර්ෂිකව එළවළු මෙට්‍රික් ටොන් 221,955ක් පමණ හා පළතුරු මෙට්‍රික් ටොන් 290,151ක් පමණ ප්‍රමාණයක්  ප්‍රවාහනයේ දී විනාශ වන බව හෙළිදරව් වී ඇත.
ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත්, ලබන අස්වනු වලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් පසු අස්වනු හානිය නිසා රටට අහිමිවන බවත් අමාත්‍යවරයා  සඳහන් කළේය.
2021 දී මෙලෙස ලංකාවෙි අපතේ ගිය ආහාර ප්‍රමාණය සලකා බැලූ විට එය තවත් පුද්ගලයින් මිලියන 10කට ආහාර සැපයීමට තරම් ප්‍රමාණවත් බව ආහාර සුරක්ෂිතතාවය පිලිබඳ විශ්ව විද්‍යාල කිහිපයක ආචාර්ය මහාචාර්යවරුන් සමග කෘෂිකර්ම අමාත්‍යවරයා කළ  සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.

 



අදහස් (0)

කෝටියකට කන්න හැකි ආහාර 2021 දී විසි කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site