(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය, පනාමුර පොලිස් වසමේ කැම්පනේ, අලුත්පාර ප්‍රදේශයේ අතුරු පාරක යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පනස් හැවිරිදි තිදරු පියෙකුට අද (11) උදෑසන 08.00ට පමණ වෙඩිතබා ඝාතනය කර ඇති බව පනාමුර පොලිසිය පැවසුවේය.
මෙසේ ඝාතනය කර ඇත්තේ මල්පේ, කැම්පනේ, කලුගලහේන ලිපිනයේ පදිංචි දික්හේනගේ රාජා දයානන්ද (50) යන අයයි. ඔහු වෘතියෙන් ගොවියෙක් බව ද පොලීසිය කීවේ ය.
මියගිය තැනැත්තා ඔහුගේ දරුවා මල්පේ මහ විද්‍යාලයට ඇරලවා ආපසු එමින් සිටිය දී මෙසේ ඝාතනය කර ඇති බව ද පොලීසිය කියයි.
වෙඩි වැදුනු ස්ථානයේ සිට මීටර් දහයක් පහළොවක් ඉදිරියට ගොස් යතුරු පැදියත් සමග පාර අයිනේ බිම ඇදිවැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව ද පොලිසිය පැවසුවේය.
පනාමුර පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.වි. රෝහණ මහතා ඇතුළු නිලධාරින් පරක්‍ෂණ පවත්වන අතර ඇඹිලිපිටිය පොලීසියේ ස්ථානීය අපරාධ ඒකකයේ (සොකෝ) නිලධාරින් ද පැමිණ පරීක්‍ෂණ ඇරඹූහ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කටපුංචා පනාමුරේදී ජීවිතයක් බිලි ගනියි
fairoos Wednesday, 11 January 2023 01:56 PM
මෙවැනි මිනීමැරුම් කීයක් වුණාද? හැබැයි අපේ පොලිසියට තාම එක සැකකරුවෙක් අල්ලගන්න බැරිවෙලා...
ජයසිංහ Wednesday, 11 January 2023 05:00 PM
කිසිම වැදගැම්මකට නැති වනචාරීන් වගේ මිනිස්සු සිටින කංසා වැනි වගාවන් කරන ප්‍රදේශයක් කියලා කියන්න පුළුවන්...