IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කටුනායක-කොළඹ බස් වර්ජනයක්

(ටී.කේ.ජී.කපිල )

මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ - කොටුව , ජා - ඇළ - කොටුව , මාර්ග අංක 188 රද්දොළුගම - කොටුව සාමාන්‍ය සහ සුඛෝපභෝගී බස් රථ අද( 01)  උදෑසන 07.00 සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී වර්ජනය කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පැවසීය.

ගම්පහ අංක - 01 කාර්යාලයේ ධාවන කළමනාකරුගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට එරෙහිව මෙම වර්ජනය අරඹා තිබේ.

 මෙම නිලධාරීවරයා ස්ථිර සහ අතුරු ගමන් වාර ලබා දීමට බස් රථ හිමියන්ගෙන් සහ බස් රථ සේවකයින්ගෙන් අල්ලස් ඉල්ලීම , දිස්ත්‍රික්කය තුළ ධාවනය සදහා බස් රථ අතිරික්තයක් පවතිද්දීත් , නව බස් රථ සදහා ටෙන්ඩර් කැදවා තිබීම , ගම්පහ දිස්ත්‍රික් වේලා සටහන්කරුවන්ගෙන් සහ මාර්ග පරීක්ෂකවරුන්ගෙන් අල්ලස් ඉල්ලීම යන සිදුවීම් වලට එරෙහිව  මෙම බස් රථ වර්ජනය ආරම්භ කර තිබේ .

 



අදහස් (0)

කටුනායක-කොළඹ බස් වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site