IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොටදෙනියාව සිසුවාත් මානව හිමිකම් කොමිසමේ

කොටදෙනියාව අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් නීති විරෝධීව පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බවට ලංකා ගුරු සංගමය ගොනු කළ පැමිණිල්ලේ වැඩිදුර විභාගයට සහභාගී වීමට එම පාසල් සිසුවා ද, ඔහු සමග නිදහස් වූ එක්දරු පියකු වන කැළුම් අත්තනායක ද මීට ටික වේලාවකට පෙර මානව හිමිකම් කොමිසමට පැමිණියහ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ අද පැමිණිල්ල විභාගයට ගනී.

පෙත්සමේ වගඋත්තරකරුවන් වන කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති, එම පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරී සහ පොලිස්පති වෙනුවෙන් පොලිස් නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ගාල්ලගේ මහතා ද කොමිසමට පැමිණියහ.

පැමිණිලි කරු වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ද, ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ජගත් ආනන්ද මහතා ඇතුළු පිරිසක් ද පැමිණ සිටිති.

සේයා ඝාතකයන්ට දඩුවම් දෙන්නැයි ඉල්ලමින් අද පෙරවරු 10.30ට පමණ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්විණි. 100ක් පමණ ඊට සහභාගී වූහ.



අදහස් (0)

කොටදෙනියාව සිසුවාත් මානව හිමිකම් කොමිසමේ

නිශාර්ඩ් Monday, 12 October 2015 08:40 AM

මානව හිමිකම් කොමිසම දැඩි අවධානයක් යොමු කලයුතුයි. සවස හයෙන් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන. (ර)

:       0       0

ෆර්ශාන් සමන් Monday, 12 October 2015 11:30 AM

මෙහෙම උද්ඝෝෂණ කරලා පොලිසියට බලපෑම් කරන්න එපා. දැනට වලස්සු විතරයි හාවෝ උනේ බලපෑම් වැඩි උනොත් සිංහයෝ, අලි කොටි ඔක්කොමත් හාවෝ වෙයි. (ර)

:       0       0

රෝහණ Tuesday, 13 October 2015 04:53 AM

මේ විදියට හැමෝම මානව හිමිකම් කවුන්සලේට ගියොත් පොලිසිය රාජකාරී කරන්නේ කොහොමද? (නි)

:       0       0

සම්පත් ශ්‍රී Monday, 12 October 2015 07:56 AM

සේයා ඝාතනයත් දැන් ටික ටික යට යනවා වගේ... අර තාජුදීන් ගේ මරණය ගැන දැන් කට්ටියට මතකත් නෑ (බ)

:       0       0

චානක Monday, 12 October 2015 07:58 AM

සාධාරණය ඉටුවේවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site