IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කට්ට කන්න වුණා... ඒත් මෝඩ වුණේ නෑ...

20160121-SARAWITA-03 new

 

 20160127 ICONකොහොමද නිසදි වැඩ කටයුතු?
20160121-SARAWITA-04 newවරදක් නැහැ. හොඳින් කරගෙන යනවා.

 
20160127 ICONදැන් නිරෑපණ ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

දැන් අවුරැද්දක් විතර. මගේ යාළුවෙක්ගෙ මාර්ගයෙන් තමා මට මුලින්ම ෆොටෝ ෂූට් එකක් කරන්න ලැබුණෙ. එයත් විනෝදයට කරපු ෂූට් එකක්. ඒකෙන් පස්සෙ තමා මට තවත් ආරාධනා ලැබෙන්න ගත්තෙ.

 

20160127 ICONඅවුරැද්දක කාලය තුළ ආපු ගමන කොහොමද?

ගොඩක් පත්තරත් එක්ක වැඩ කළා. මේ ළඟදි රෑපවාහිනී දැන්වීමකටත් ගියා. තවම ඒක විකාශනය වුණේ නැහැ. මගේ පදිංචිය කළුතර. ඉතින් කොළඹ ඉන්නවා අඩු නිසාත් ටිකක් වැඩ කෙරෙනවා අඩුයි.

 

 
20160127 ICONනිරෑපණ පැත්තෙන්ම ඉදිරියට යන්නද හිතන් ඉන්නෙ?

මෙහෙමයි මම මොඩ්ලින්වලට ගොඩක්ම ආසයි. ඒක හරිම ප්‍රබෝධමත් වැඩක්. එපාවෙන්නෙ නෑ. හැබැයි මගෙ පොඩි අදහසක් තියෙනවා. රෑපලාවන්‍ය ශිල්පය පැත්තට අතගහන්න. ඒකට තව කාලයක් ඕන.

 

20160127 ICONදැන් බලද්දි නිරෑපණ ක්ෂේත්‍රය  එන්න කලින් හිතුව තරම් සුන්දර තැනක්ද?

අයියෝ එන්න කලින් නම් හිතුවෙ මේක හරි ලේසි වැඩක් කියලා. හැබැයි මාරම අමාරැ ක්ෂේත්‍රයක්. රුඳිලා ඉන්නත් අමාරැයි.

 

 
20160127 ICONඅනිත් අයත් එක්ක වැඩ කරද්දි කටු කන්න වෙලා නැද්ද?

මට වැඩකරන්න හම්බ වුණු ගොඩක් අය හරිම හොඳයි. වැඩ කරන්න ලේසියි. කටු කන්න වුණු ප්‍රශ්න ඇති වෙන අයත් ඉන්නවා. නැතුව නෙමේ. මොනව කරන්නද ඉතින් නේද? හැබැයි දැනට හම්බවුණු ගොඩක් අය එක්ක වැඩ කරන්න ලේසියි. 

 

20160127 ICONඔය අතරේ අනවශ්‍ය යෝජනා ගේන අය එහෙම ඉඳල නැද්ද?

එහෙම අවස්ථා දෙක තුනක් ඇවිත් තියෙනවා. නැහැයි කියන්නෙ නැහැ. එහෙම කිව්වොත් බොරැවක්නෙ.

 

20160127 ICONමොකද ඒ වෙලාවට කරන්නෙ?

මට එහෙම වුණාම හුඟක් තරහ යනවා. ඒක හරිම අකමැති දෙයක්. මුලින්ම තේරැම් කරලා දෙන්න බලනවා. තේරැම් ගත්තෙ නැතිවුණාම මගෙනු බැණුම් අහපු අයත් ඉන්නවා. 

 

20160127 ICONවැඩිපුර අඳින්න කැමැති කෙටි ඇඳුම්ද?

මම ගොඩක්ම කැමැති ගවුම් අඳින්න. හැබැයි ගවුම් අඳින්න ලැබෙනවා අඩුයි. ඉතින් කෙටි ඇඳුම් විලාසිතා කරනවා. 

 

 
20160127 ICONමේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි ගෙදරින් සහය ලැබෙනවද?

අනේ ඔව්. අම්මා තාත්තා වගේම අයියයි මල්ලියි මට ගොඩක් උදව් කරනවා. අනිත් නෑදෑයෝ යාළුවෝ හැමෝම උදව් කරනවා. මට මේ ගමන එන්න උදව් කරපු අය ගොඩක් ඉන්නවා. විශේෂයෙන්ම ගිහාන් දසනායක, ෂහේන් අරෝෂ් ඇතුළු ගොඩක් දෙනෙක් මතක් කරන්න ඕන. 

 

20160127 ICONනිසදි දැන් පෙම්වතියක්ද?

නැහැ නැහැ තවම නැහැ.

 

 
20160127 ICONනිරෑපණ ක්ෂේත්‍ර යේ අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ වැඩිම ආසාව තියෙන්නෙ මංගල ඇඳුමින් නිරෑපණ කටයුතු කරන්න. විවාහ ප්‍රදර්ශනයේත් මම නිරෑපණ කටයුතු කළා. ඒ පැත්තට වැඩි බරක් දීලා වැඩ කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. මියුසික් වීඩියෝස්වලටත් ආරාධනා එනවා දැන්. ඒ පැත්ත ගැනත් හිතන්න ඕන.


 රජිත I සේයාරැව -  සුමුදු 

 

20160121-SARAWITA-05 new

 



අදහස් (0)

කට්ට කන්න වුණා... ඒත් මෝඩ වුණේ නෑ...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site