ජාතික කෞතුකාගාරයේ ජාතික උරුමය සොරාගත් කොල්ලකරුවන් වහා නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලමින් ජාතික හෙළ උරුමය සංවිධානය කළ විරෝධතා පෙළපාළියක් ‘නෙළුම් පොකුණ‘ කලා රඟහල අසල සිට ජාතික කෞතුකාගාරය දක්වා අද පැවැත්විණි. ඉපැරැණි කඩු, බඳ පටි, කාසි හා බස්තම් මිටි ආදිය සොරාගෙන තිබිණි. ධාරානිපාත වර්ෂාව පවා නොතකමින් හෙළ උරුමයේ පූජ්‍ය පක්ෂයේ හා ගිහි සාමාජිකයෝ මෙම අවස්ථාවට එක් වූහ. පක්ෂයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍ය අමතමින් පැවැසුවේ මෙය සැලසුම් සහගත සොරකමක් බවට පෙනී යන බවත් මෙයට රජයේ ඇතැම් බලතුන්ගේ සම්බන්ධයක් තිබේ දැයි සැක පහළ වී ඇති හෙයින් රජය මේ ගැන වහා පරීක්ෂණයක් කළයුතු යැයි ද ඒ හිමියෝ කීහ.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කටුගෙයි හොරුන් අල්ලනු‘
ජී.එෆ්.එච්. Tuesday, 24 April 2012 09:55 PM
ජාතික අනන්‍යතාවය රැදී තියෙන්නේ ඔය වගේ මිළ කළ නොහැකි සම්පත් රැක ගත්තොත් විතරයි
පැට්රික් Tuesday, 24 April 2012 11:38 PM
ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් දක්ෂයි. කොහොම හරි හොරු අල්ලන්න ඕනි
නිමා Wednesday, 25 April 2012 01:11 AM
මිනී මැරැමක්...හොරකමක්...පගා ගැහිල්ලක්...ඹිනම ඡඩවැඞක කෙලවරේ ඉන්නෙ කවුද කියලා අපි දන්නවා
රුවන් Wednesday, 25 April 2012 08:47 AM
කොළඹ කියන්නේ ලංකාවේ ආරක්ෂාව අතින් ඉහළම ස්ථානයක් ලැබෙන තැනක්.ඒත් හොරකම්, අතුරුදහන්වීම් වැඩිපුරම වෙන්නේ කොළඹ නේද? ඒ කියන්නේ කොළඹ ආරක්ෂාවක් නෑ කියන එකද?
සේනාධී Wednesday, 25 April 2012 11:06 AM
මෙච්චර බඩු තොගයක් කොහොම අරන් ගියාද දන්නේ නෑ.
චමී Wednesday, 25 April 2012 01:55 PM
කෞතුක වස්තුන් සොරකන් කිරීම ජාතික මහා අපරාදයක්. මේ සොරකම වෙලා දැන් මාස කීපයක් ගත උනත් තවමත් හොරු ගැන කිසිම කෙනෙක් සොයා ගෙන නැහැ. හරිම පුදුම කාරණාවක් ...
දයා(සවුදි) Wednesday, 25 April 2012 05:44 PM
ඔය බඩු තොගය මොකේද ගෙනිහින් තියෙන්නේ?
රාබු Wednesday, 25 April 2012 06:07 PM
මෙච්චර බඩු තොගයක් කොහොම අරන් ගියාද දන්නේ නෑ.? ඔය බඩු තොගය මොකේද ගෙනිහින් තියෙන්නේ?
සංජය Tuesday, 24 April 2012 07:16 PM
කහ වත්තේ ප්‍රශ්නෙදි වගේ මේකෙදිත් මහ ජනතාව පාරට බහීද දන්නේ නෑ
දම්සර Tuesday, 24 April 2012 08:23 PM
රටේ ජාතික උරුමයන් රැකීම කාගේත් වගකීමයි.
බීපී Tuesday, 24 April 2012 08:26 PM
විරෝධය කරන්න ඕනි නම් ජාතියට වින කරන අය අඩු කරන්න කියලා විරෝධය කරන්න. නැත්නම් තීරුබදු රහිත වාහන ගෙන්වන්න කියලා විරෝධය කරන්න. පොලිසිය කොහොමද හොරු අල්ලන්නේ කිසිම හෝඩුවාවක් නැතුව?