IMG-LOGO

කටුගෙයි බඩු උණු කරලා?

කොළඹ කෞතුකාගාරයෙන් සොරකම් කළ ඉපැරැණි භාණ්ඩ උණු කළැයි කියන රන් ග්‍රෑම් 630ක (කෑලි 7ක්) සමග අත්අඩංගුවට ගත් සැකකරු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. කඩවත ඉහළ බියන්විල තේනුවර ආචාරිගේ කැළුම් එම පුද්ගලයාය. උණු කළැයි කියන රන් කැබලි වලින් තුනක් විකුණා ඇතැයි කොළඹ අපරාධ විමර්ශන අංශය උසාවියට දැන්වීය.



අදහස් (0)

කටුගෙයි බඩු උණු කරලා?

ප්‍රියන්ත Tuesday, 03 July 2012 12:36 PM

අර දිගටම බලයේ ඉන්න වරම තියෙන කඩුවත් උණු කෙරැවද ? අයියෝ එහෙනම් ඔක්කොම ඉවරයි..

:       0       0

කින් බෙනට් Monday, 02 July 2012 06:37 PM

මම නම් මුල ඉඳම්ම හිතන් හිටිය අන්තිමේදී ඔය වගේ දෙයකින් මේ ප්‍රශ්නය ඉවර වෙයි කියල ... අන්තිමේදී කඩු ටික වෙනුවට උනුකරපු රත්තරන් ටිකක් තමයි කටුගෙට ගෙනියන්න වෙන්නේ .... කඩු ටික කොහේ හරි තිබිල තව අවුරුදු 500 කින් විතර ආය හම්බුවෙයි .... මොකද ඔය කඩු තියාගත්තා කියල අවුරුදු 200 ක් ආයුෂ වලදන්න ලැබෙන එකක්යැ.......

:       0       0

කිච්චා Wednesday, 04 July 2012 10:33 AM

මටත් උනු උනු බඩු ගන්න බැරිද අනේ...

:       0       0

සනත් Tuesday, 03 July 2012 01:45 PM

නියමයි නියමයි . ඔත්තුව දුන්න කෙනාටත් තෑගි දෙන්න අමතක කරන්න එපා .

:       0       0

මනෝජ් ඩුබායි Monday, 02 July 2012 08:27 PM

මෙයාවත් උනුකරන්න අනිත් කට්ටියට උන ගැනෙන්න ...

:       0       0

ඉන්දික Tuesday, 03 July 2012 01:10 PM

ඕක තමයි කියන්නෙ වැරැද්දක් කෙරුවොත් හැමදාම බේරිල ඉන්න බෑ කියලා. කොච්චර හරි කල් ගිහිල්ල අහුවෙනවාමයි.

:       0       0

සෙව්වන්දි රත්නපුර Tuesday, 03 July 2012 01:14 PM

ඉතාම සතුටුදායක ආරන්චියක්. මෙපමණ කලක් ඒ ගැන වෙහෙස මහන්සි වී සෙවූ නිලදරයින්ට ජාතියේ ප්‍රණාමය...!

:       0       0

කිත්.රුවන් Tuesday, 03 July 2012 01:16 PM

නියමයි මේක රටට කරපු ලොකු සේවයක්.

:       0       0

සඳුන් Tuesday, 03 July 2012 01:57 PM

දිට්ඨ දම්ම වේදනිය කර්මය!

:       0       0

නවීන් Tuesday, 03 July 2012 02:03 PM

දැන් මේකට එක එකාට ඇඟිලි දික් කරකර මඩ ගහපු අපේ ගොයියොන්ට තව මිනියක්වත් හොයාගන්න වෙයි මෙදා ඡන්දෙට විකුනන් කන්න. අපිට හරි දුක්යි ඒ ගැන.

:       0       0

පුංචා Monday, 02 July 2012 01:34 PM

බඩු උණු කරලා ,,,,,,,,,,,,,,,,

:       0       0

වන්සසෝම Tuesday, 03 July 2012 01:34 PM

බය වෙන්න එපා හලෝ, මේ ගැන තවත් රසබර ජවනිකාවක් හදන්න අද අපේ ළිඳ ළඟ සන්ගමේ උන්ඳැලා රැස්වෙනවෝ........

:       0       0

හනුමා Monday, 02 July 2012 02:14 PM

රජ කාලේ නම් මෙලහකටත් උල තියලා...

:       0       0

අනුර ප්‍රියන්ත Monday, 02 July 2012 01:38 PM

අපට මේ ගැන විස්තර මදි ,බය නැතුව කොහොමද මෙහෙම කරේ, කවුද මේක සම්බන්ධ, මේක මුළු රටම බලාගන්න ඕන වැඩක්...

:       0       0

සුභාෂිනී Monday, 02 July 2012 01:38 PM

අනේ මෙහෙමත් ජාතියක් .තමන්ගේ ඉතිහාසයේ අනන්‍යතාව හොරකම් කරන අය.....ලැජ්ජාවෙන්න ඕන..

:       0       0

සිරිලාංකිකයා Monday, 02 July 2012 02:18 PM

මෙයාට දෙන්න ඕන ආයේ රත්තරන් දිහා නොබලන්න දඩුවමක්...

:       0       0

රජාන්ද Monday, 02 July 2012 01:40 PM

මොනවා කියන්නද?

:       0       0

nimal algewatta Monday, 02 July 2012 02:26 PM

කටුගෙට කට්ට ගහලා උස්සපු බඩු උණු කරලා කියලා දොඩනවා අහලා මගේ හිතඋණු උනා ඒ ඈයෝ එල්ලලා උළ තියලා රජකාලයේ දඩුවම් දිලා කෙෘතුකාගාරයේම තියන්න තමා වටින්නේ. හොද හොද කුක්කන් රජගෙට දක්කන් තෙමිච්චි කුක්කන් කටුගෙට දක්කන් කියලා අපේ මද්දුම කොල්ලා හෑන් පොන් එකෙන් තවත් කොල්ලෙකුට දෙඩනව මම අහගෙන ලංකා දීපේ වෙබ්එකේ නිවුස් එක දැකලා

:       0       0

sisira Monday, 02 July 2012 02:30 PM

අනිත් බඩු කෝ?

:       0       0

මරුවින් Monday, 02 July 2012 02:30 PM

හනුමා: මම හිතන් හිටියේ අපි දැන් ඉන්නෙත් රජ කාලෙක කියලා

:       0       0

අන්ජලී Monday, 02 July 2012 01:55 PM

හනුමගේ කතාවනම් ඇත්ත...ඒත් තව ටික දවසකින් මෙයා නිදහස් වේවි.....

:       0       0

රූපසිංහ Monday, 02 July 2012 02:41 PM

රජකාලේ, අපේ උරුමයන් විකුණා ගෙන කැ මෙම සොරදෙටුවන් ගේ සහ මේවා කෞතුක වස්තුන් බව දැන දැන උනුකල මොහුගේ හිස, මංසලක් අභියස දී, දන්ගෙඩිය මත තබා හිස ගසා දැමිය යුතුය. මේ බව අඩබෙරයක් ගසා රටවැසියාට දැනුම් දිය යුතුය. මේ මාගේ හද තුලින් එලියට ආ හැගීම් බර අදහසක් මිස, සම්ප්‍රප්ප්‍රලාපයක් නොවන බවද කීමට කැමැත්තෙමි.

:       0       0

ඇටකිච්චා Tuesday, 03 July 2012 02:47 PM

මේ තියෙන්නෙ ඒ බඩු උණුකරපුවාමද?

:       0       0

සුරාජ් Monday, 02 July 2012 02:13 PM

රජ කාලේ තිබුණ දඩුවමක් දෙන්න ඕන....උල තියනවා වගේ..

:       0       0

හෙළයා Monday, 02 July 2012 02:17 PM

ගොරක දඩමස් කරලද දන්නෙත් නැහැ,,,

:       0       0

අප්පුහාමී Monday, 02 July 2012 02:58 PM

මේක සම්පුර්ණ ප්‍රෝඩාවක්. කඩු රත්තරන් නොවෙයි යකඩ. නියම හොරා වසන් කරන්න බොරු බයිලයක් ගහනවා....

:       0       0

කේ.පී Monday, 02 July 2012 02:21 PM

දැන් ඔය උණු කර රන් කටුගෙයි ඒවමයි කියලා කියන්නේ කොහොමද ?

:       0       0

අනුර ප්‍රියන්ත Monday, 02 July 2012 03:09 PM

අප්පුහාමි මාම හරි. ඒක තමයි මගෙත් මතය .කටුගෙයි කැමරා ඕෆ් කරෙත් මෙයාද ??

:       0       0

පෙරේරා Monday, 02 July 2012 03:09 PM

මෙයාවත් උණු කරොත් තමයි වටින්නේ.

:       0       0

සරත් Monday, 02 July 2012 03:09 PM

ඉක්මනට බැංකුවටත් දාන්න තිබුණා...

:       0       0

බේබද්දා Monday, 02 July 2012 03:13 PM

පරණ දේවල් උනුකරල ගත්තාම මොකද .

:       0       0

පිනා Monday, 02 July 2012 03:14 PM

මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්...

:       0       0

චමිලා Monday, 02 July 2012 10:33 PM

අපට මේ ගැන විස්තර මදි ,බය නැතුව කියන්න කොහොමද මෙහෙම කරේ, කවුද මේක සම්බන්ධ, මේක මුළු රටම බලාගන්න ඕන වැඩක්...

:       0       0

සෙනුරි Monday, 02 July 2012 03:18 PM

නියම හොරා වසන් කරන්න බොරු බයිලා කියන්නේ.

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 02 July 2012 03:20 PM

ඔය ඔක්කොම බොරු, බඩු වලට උණේ වෙන දෙයක්...

:       0       0

යෙහිය Monday, 02 July 2012 02:42 PM

ජාතික විනාස

:       0       0

මහා ආචාර්ය කුමාර Monday, 02 July 2012 11:32 PM

රජ කාලේ නම් මෙලහකටත් බඩු උණු කරලා ඉක්මනට බැංකුවටත් දාන්න තිබුණා..බඩු උණුකර රන් වලින් උලක් හදල. කඩු රත්තරන් නොවෙයි යකඩ. යකඩඋණුකර රන් වලින් උලක් හදල...? මේවා අහල පණ පලයන්.!!!!! රජ කාලේ නම් මෙලහකටත් සම්මානයක් දෙන්න තියලා...රන් වලින් උලක් හදල ,රජ අභියස දී, දන්ගෙඩිය මත තබා උල ගසා දැමිය යුතුය. මේවා මේ අපි කියන කතන්දර. හතර හිනා....!!! බඩුම තමා..රත්තරන්..බඩුම තමා..!!!!

:       0       0

හේමකුමාර Monday, 02 July 2012 02:45 PM

ජනතාවගෙ විරෝධය ලැව් ගින්නක් වගේ ඇදිල යනවා. ඒක වහන්න තමයි මේ දේ කරල තියෙන්නෙ. මම දන්න තරමින් මේ ඉදිරිපත් වුන තැනැත්තගෙ පවුලේ උදවියට ලක්ෂ ගනනින් ගෙවලා. ඇත්ත පස්සෙ දැනගන්න පුලුවන් වේවි. කවදාවත් බොරුව හංගන්න බෑ. බුදුදහමෙ හැටියට නම් සාප දේවි.

:       0       0

කම්මලේගෙදර Monday, 02 July 2012 02:53 PM

මෙයාට දෙන්න ඕන විදේස තානාපතිකමක්

:       0       0

විකුම් Monday, 02 July 2012 03:03 PM

හෙට අනිද්ද දිහාට හොරාව ගෙදර යවයි..

:       0       0

AH Tuesday, 03 July 2012 12:55 AM

නියමයි. හූ...........

:       0       0

කුරුවිට Monday, 02 July 2012 03:54 PM

බඩුමතමා....මේවා අහල පණ පලයන් ලබන පෙරේදා ......

:       0       0

දිසා Tuesday, 03 July 2012 01:35 AM

මරේ මරු

:       0       0

සුජී Tuesday, 03 July 2012 01:38 AM

දැන් මේ රටේ නීතියක් නෑ කිය කියා උඩ පැන්න අයට හරි දුක ඇති. අඩන්න එපා, ඔය ඊයෙ පෙරේදා වෙච්ච මරණයක් හොයන් තව තව රස කතා ගොඩක් ගොතන්න පුලුවන් නෙ? නේද?

:       0       0

අනුර Tuesday, 03 July 2012 01:42 AM

අපරාදෙ ඔය වගේ දේවල් පත්තරවල දාන්නෙ. මොකද අපේ මෝඩ මිනිස්සුන්ට ලොකු චාරවත් මාධ්‍යයට වඩා කටකතාව නෙ. හෙට අනිද්දා කියයි මේකත් මොකක් හරි ජිල්මාට් එකක්ය කියල,,,

:       0       0

ප්‍රේම් Monday, 02 July 2012 03:59 PM

උණුකර රන් වලින් උලක් හදල උල තියන්න තියෙන්නේ....

:       0       0

අජිත් Monday, 02 July 2012 03:59 PM

ඔය ඔක්කොම බොරු . හොරකන් කරපු ලොකු අය හැංගිලා මහජනතාව රවට්ටන්න කොහෙවත් නැති අහිංසකයෙක් අල්ලගෙන නඞු දමල රිමාන්ඩ් කරනවා.

:       0       0

දිසා Tuesday, 03 July 2012 03:08 AM

මේක වෙන්න බැරි දෙයක්

:       0       0

සරත් කරැණාසේන Tuesday, 03 July 2012 04:23 PM

කටුගෙයි දේවල් හොරකම් කර්නනේ කොහොමද? කටුගෙයි ආරක්ෂාවට ආරක්ෂක භටයෝ නැද්ද?

:       0       0

ධම්මික සුරංග Monday, 02 July 2012 04:11 PM

අජිත් ඔයාගේ කතාව හරි. මහජනතාව රවට්ටන්න හැදුවට ජනතාව අවදියෙන්....

:       0       0

දම්මික සුරංග -රත්මලාන Monday, 02 July 2012 04:11 PM

අජිත් ඔයාගේ කතාව හරි කරපු අය කොහෙවත් ලෝකේ රවටන්න හැදුවට මහා ජනතාව අවදියෙන්

:       0       0

හෙළයා Monday, 02 July 2012 03:45 PM

කලින්නම් කිවුවේ ඔක්කොම රත්තරන් නෙමෙයි කියල, මේවා වටින්නේ පුරාණ ඒව නිසා කියල, දැන් කියනවා ඒවා උනුකරලාලු, දැන් වැඩේ හරි, හොරකම කරපු ලොකු එවුන් බේරෙයි, කුලියට එකෙක් ඇතුලට යනවා, උනුකරපු බඩු ආයෙත් හොයන්න දෙයක් නැහැනේ, කට්ටියටම හතර හිනා,,,,

:       0       0

ලසන්ත Tuesday, 03 July 2012 06:45 AM

ඇයි මහජනතාවට ඇත්ත නොකියන්නේ?

:       0       0

දාස Monday, 02 July 2012 03:48 PM

මේවා මේ අපිට කියන කතන්දර .. ඇත්ත දන්නේ කව්ද !

:       0       0

බඩ් Tuesday, 03 July 2012 07:55 AM

මේක උපායක්

:       0       0

අමිල Tuesday, 03 July 2012 04:32 PM

කෞතුක බඩු හොරක්ම කරන්නෙ රත්තරං බරට විකුණන්න නම් ඒක විහිළු කතාවක්.. මොකද ‍ඒව මිල කළ නොහැකි වස්තු නිසා.. අනේ කාවද මේ රවට්ටන්නෙ.. මේව ජාතික අපරාධ

:       0       0

ප්‍රසන්න Monday, 02 July 2012 04:59 PM

එයා කරපු වැඩේට සම්මානයක් දෙන්න වටිනවා .

:       0       0

ප්‍රසන්න Monday, 02 July 2012 04:21 PM

ඔය කර වැඩේට සම්මානයක් දෙන්න වටිනවනේ...

:       0       0

රවි Tuesday, 03 July 2012 08:59 AM

ඕක ලොකු කෙප්පයක්

:       0       0

කැප්පිටිපොල Monday, 02 July 2012 04:49 PM

මොන මෝඩයද මිල කල නොහැකි වස්තුවක් මිල කර හැකි රත්තරන් වලට උණු කරේ....

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 03 July 2012 10:20 AM

රටේ මෙතුවක් කල් සිදුවුන පොලිස් හපන්කම් වල හැටියට මෙය ජනතාවගේ කටවල් තාවකාලිකව වසා දැමීමට ගෙන යන ප්‍රෝඩාවක් බව නිසැකයි. ඔය කියන හොරා තනි පුද්ගලයෙක් නම්, කටුගෙයි කැමරා පද්ධතිය නිවා දමා, අධි ආරක්‍ෂිත පෙදෙසක් හරහා මෙවැනි ත්‍රාසජනක වික්‍රමයක් සිදුකොට පලාගිය මිනිහා රන් ගුලි කීපයක් සමග අහුවෙන තරම් බබෙකු නොවේ. මෙහි සැබෑ හොරුන් කවදාවත් අසු නොවනු ඇත. මේ කියවෙන කතාව හරිනම් මොහු පොලිස් / හමුදා ඒකකයක පුහුණුකරු තනතුරට බඳවාගත යුතුයි. උම්මග්ග ජාතකයේ බෝසතුන් පවා 'ශූර චෞරයින් හිරෙන් නිදහස් කර ප්‍රසාද දෙවා ..' හමුදාවේ අවශ්‍යතා සඳහා යොදාගෙන ඇත.

:       0       0

අචිනි Tuesday, 03 July 2012 10:27 AM

කාවද මේ රවට්ටන්න යන්නෙ.. ??

:       0       0

ලුවී Monday, 02 July 2012 05:52 PM

මේවා අධිරාජ්‍යවාදී කුමනිත්‍රණ නෙමෙයි දේශප්‍රේමී කුමන්ත්‍රණ‍ මේව දැකකල පණ යනවා ලබන පෙරේදා.......

:       0       0

ප්‍රගීත් Monday, 02 July 2012 05:14 PM

මේ කතා හොඳයි කොන්ඩෙ බැඳපු චීනුන්ට.යකඩ කඩුත් රත්තරන් වෙන ආසියාවේ ආශ්චර්ය!!!!

:       0       0

එම් සිරා Tuesday, 03 July 2012 11:23 AM

මේක බොරැවක්ද මන්දා අහිංස‍කයෙක් අහුවෙලා වගේ...

:       0       0

එම්.සිරා Tuesday, 03 July 2012 12:08 PM

**** කව්ද මේ කතාව පිළිගන්නේ ???? කියන්න බලන්ඩ ඔයාලගේ අදහස් ???

:       0       0

ජයන්ත Tuesday, 03 July 2012 12:13 PM

"හොරු ටික රජසැප විදිනවා . අහිංසකයෙක් දඩුවන් විදිනවා ". අනේ මෙහෙම රටක් .

:       0       0

ජයන්ත Tuesday, 03 July 2012 12:13 PM

කඩු ටික ලොක්කෝ විදිනවා.අහිංසකයෙක් දඩුවම් විදිනවා.අනේ මෙහෙමත් රටක්.

:       0       0

බබා Monday, 02 July 2012 06:57 PM

හානේ ඇත්තමද..එහෙනම් අපි රැවටෙනවා හොදේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 151 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2269 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site