
(චන්ද්‍රසේන ගමගේ සහ ගයාන් සුරියආරච්චි)
දරු දෙදෙනාද සමඟ යතුරු පැදියෙන් යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කළ ‘කජ්ජා’ මියගොස් වැටී සිටි ස්ථානයේ තිබු පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙක ඔහුට දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල කොට්ඨාශ රථවාහන අංශයේ කොස්තාපල්වරයා මාර්තු 05 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් නවෝද්‍යා හැන්නදිගේ මහත්මිය අද (21) නියෝග කළාය.
වෙඩි තබා ඝාතනය කළ අනුර විදානගමගේ හෙවත් ‘කජ්ජා’ නමැත්තාගේ මෘතදේහය ආසන්නයේ වැටී තිබු පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙක සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී එම පොලිස් ‘මාංචු’ කුට්ටම් ඔහුට ලබාදී ඇත්තේ සැකකරු බව හෙළි වී ඇතැයි කියමින් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළාය.
සිද්ධියට අදාළව සැකපිට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ තංගල්ල කොට්ඨාශ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු වශයෙන් කටයුතු කළ වීරකැටිය කැප්පිටියාවේ පදිංචි ඉපිටගම ලියනගේ ජනක ප්‍රසාද් නමැත්තෙකි.
‘කජ්ජා’ නමැත්තාගේ මෘතදේහය ආසන්නයේ පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙකක් වැටී තිබීම සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිද්ධියට සැකකරුගේ ඇති සම්බන්ධතාවය හෙළි වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව කියමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
අනුර විදානගමගේ හෙවත් ‘කජ්ජා’ ඔහුගේ 06 හැවරිදි විදානගමගේ පමති අහස්යා මාදෙව්නි නමැති දියණිය සහ 09 හැවිරිදි විදානගමගේ උදේස් මාදෙව් නමැති පුත්‍රයා සමඟ ගමන් කරමින් සිටියදී පසුගිය 18 වැනිදා රාත්‍රී 10.15 පමණ මිද්දෙනිය ගල්පොත්තයාය කඩේවත්ත මංසන්ධියේදි නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ‘කජ්ජා’ සහ දියණිය එම ස්ථානයේදීම මිය ගිය බවත් ුකරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පුත්‍රයා ඊට පසු දින මියගොස් ඇති බවත් අධිකරණයට දැනුම් දුන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ‘කජ්ජා’ නමැත්තා මියගොස් වැටී සිටි ස්ථානයේ පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙකක් වැටී තිබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන්නේය.
ඒ සම්බන්ධයෙනන් කළ විමර්ශන වලදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා ‘කජ්ජා’ නමැත්තා සමඟ මිතුරු කමක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වු බවත් එම මිතුරුකම හේතූවෙන් සැකකාර කොස්තාපල්වරයා ‘කජ්ජා’ නමැත්තාට මෙම පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙක දී ඇති බව අනාවරණය වු බවත් කී නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ.
ඉල්ලීම පිළිගනිමින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය පැමිණිල්ල යළි කැඳවන ලබන 05 වැනිදා විමර්ශන වල ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියම කළාය.
ත්‍රිපුද්ගල ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනකු සම්බන්ධයෙන් කරන විමර්ශන කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
830
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1777
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කජ්ජාට මාංචු දුන් PC රිමාන්ඩ්
sarath Saturday, 22 February 2025 01:56 AM
කජ්ජා එක්කත් පොලිසිය සෙට්වෙලා ඉඳලා... ගනේමුල්ල සංජීව මරපු එකටත් එක කොනක පොලීසිය, පාතාලය සහ පොලීසිය යනු ගහට පොත්ත මෙනි, කජ්ජාගේ ගම කිට්ටුව තිබෙන අපේ ගමේ පොලිසියේ හිටපු ලොකු මහත්මයාගේ නිල නිවාසේ මත්පැන් සාද දැම්මේ අබ සුජියා නමැති පාතාලා නායකයා... රාත්‍රියට ඔහු සිහි නැතිවෙනක්ම් බිල වැටිලා ඉන්නකොට කැබ් එකේ දමාගෙන නිල නිවාසෙට ගෙනත් ඇදේ නිදිකරලා යන්නේ ගේට්ටු අතුල නමැති සුජියගේ ගෝලයෙක්, අපේ ගමේ සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුතෙන් ඇතුළු වුණු ක්‍රිකට් තරුවක්, දන්නා කෙනෙක් පුළුවන්නම් කමෙන්ට් කරන්න. අපේ ගම කුමක්ද කියලා...?
fairoos Saturday, 22 February 2025 11:04 AM
පොලිසියේ පීසීලා සහ හමුදාවෙන් පැනපු අය තමයි, මේ ඔක්කොම පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ...