වසර කිහිපයකට පෙර පස්යාලේ සිට වරකාපොල දක්වා නුවර පාරේ ගමන් ගන්නා විට කජුගම කා අතරත් අවධානය දිනාගත් ප්‍රසිද්ධ ග්‍රාමයකි. කුඩා කුටිවල සිට නුවර පාර අයිනේ කජු විකිනු සුන්දර ලලනාවන් අද එහි නොමැත. ගරා වැටුණු කුටිවල සිට ජිවන අරගලය උදෙසා කජු පැකට්ටුවක් විකිනීමට වෙර දරන මැදිවියේ කාන්තාවන් එහි දක්නට ඇත. කජු ගමේ නවතම තොරතුරු සොයා පසුගියදා එසැණ එහි ගියවිට තවත් අපුරු තොරතුරක් අපට දැනගන්නට ලැබුණි. අගේ නම මැයිනෝනාය. වයස අවුරුදු 90කි. නුවර පාර දෙපස කජු වෙළදාමේ යෙදුනු මුල් අය අතරින් මේ වනවිට ජීවත්ව සිටිනා එකම තැනැත්තිය ඇයැයි. එදා දවස ගැන ඇය අප සමග මෙසේ කීවාය.
‘මමයි තව ගැනු ළමයි පස් දෙනෙක් කජු විකුනන්න පටන් ගත්තා. ඒ කාලේ අද වගේ නෙමෙයි. පාර අයිනේ හිටියට අත වන්නේ නැහැ. බඩ පෙන්න අදින්නෙත් නැහැ. මම මේ ළමයිට කියන්නෙත් එහෙම අදින්න එපා කියලයි. මම කියන දේ මේ ළමයි අහනවා. මට ගොඩක් ගරු කරනවා. ඒ දවස්වල ගැනු ළමයි විතරයි කජු වික්කේ. දැන් පිරිමි අයත් විකුණනවනේ. සුදු මහත්තුරු ලෝබ නැතිව කජු ගන්නවා. දැන් එන සුදු මහත්තුරු කුණු ලෝබයෝ කියලයි ළමයි කියන්නේ. ඒ දවස්වල ආවා පන්ජාබ් කියලා ජාතියක් එයාලා ගෑණු ළමයිට හරියට කරදර කරනවා. අපි එයාලගෙන් බේරිලා තමයි කජු වික්කේ. අපිට කජු විකුණන්න රජයෙන් නොමිලේ කුඩ දුන්නා. හැබැයි දැන් මේ ළමයින්ට රජයෙන් කිසිම දෙයක් දෙන්නේ නැහැ. මේ ළමයින්ට ගොඩක් අඩුපාඩු තියෙනවා. මට ගොඩක් දුකයි‘
අප සමග ඉතා අපහසුවෙන් කතා කළ මැයිනෝනා මාතාව එසේ කීවාය. කජු ගමේ කජු විකුණන මිනිසුන් තමන්ගේ ගැටළු ගැන එසැණ සමග කිව් දේ ඉදිරි දිනකදී බලාපොරොත්තු වන්න.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කජුගම පුරෝගාමිනිය ශතකයට අත වනයි
නිමල් රාජපක්ෂ Friday, 31 July 2015 11:25 PM
අම්මේ, ඔබට නිරෝගී සුවය පතමි! (නි)
විකුම් Friday, 31 July 2015 11:54 PM
ආර්. ප්‍රේමදාස මහත්තයාගේ කාලයේ කජුගම පාරෙන් ඇතුළට කරලා හැදුව එකෙන් ඔවුන්ට ව්‍යාපාර අඩුවුණා. (නි)
සත්‍යයා Saturday, 01 August 2015 12:18 AM
මේ අම්මාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
නිරෝෂ Friday, 31 July 2015 11:49 AM
ඔබට දීර්ඝායුෂ පතනවා අම්මේ! (නි)
පිටිගල Saturday, 01 August 2015 01:53 AM
විකුම් හරි. එනිසා තමයි කජුගමට කණකොකා අඬන්න පටන් ගත්තේ (නි)
කැනඩා දිසා Saturday, 01 August 2015 02:29 AM
විකුම්, පිටිගල, එතුමා එදා කළේ මෙයාලට උදව්වක්. නමුත් කෙළින් නුවර පාරේ යන මිනිස්සු ගොඩාක් මේ ඇතුළට එන්න අකමැතියි. ඒ වගේ නොවෙයි ,මතකද ඔය කෙළින් පාරේ කජු වෙළාඳාමේදී වුණ රිය අනතුරු ගැන? (නි)
රකිත් Saturday, 01 August 2015 02:38 AM
මේ අම්මාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
තිලක්Friday, 02 February 2024 07:35 AM
අනතුරු උනේ රියදුරන්ගෙ නොසැල කිල්ල නිසා. පාර අයිනෙ නිසා තමයි ඒ ව්‍යාපාරය ඇති උනේ දියුණු උනේ. බස් සටෑන්ඩ් පොළවල්. ගොඩක් තියෙනව ඒවගේ හදපු දැන් දිරාපත් වෙනව. ප්‍රේමදාස මහතාගෙ වරක්ද හදන්න නිර්දේශ කරපු අය ද දන්නෙ නෑ.