IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’’කෝච්චියේ රස්තියාදුව’’ විගණනයෙන් එළියට

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

පසුගිය වසරේදී දුම්රියන් එක් ලක්ෂ විසි දහස් නවසිය අනූ තුනක් (120993) ( වාර) ධාවනයට යොදවා ඇතත් ඉන් නියමිත වේලාවට ධාවනයවී ඇත්තේ දුම්රියන් 32,844 ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

අවලංගුවී තිබූ දුම්රිය වාර ගණන එක් ලක්ෂ හැත්තෑ හතක් (10077) ක් බවද එම වාර්තාවේ දැක්වේ.

ඒ අනුව දුම්රියන්ගෙන් සියයට හැත්තෑ දෙකක් නියමිත පරිදි ධාවනයවී නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර දුම්රිය එන්ජින් 23 ක් සහ බලවේග කට්ටල 36 ක් පසුගිය වර්ෂයේදී භාවිතයට නොගෙන පැවතුණු බවද එම කාර්යාලය සඳහන් කරයි.

දිගු කාලයක සිට ශ්‍රී ලංකාවේ සමස්ත මගී ප්‍රවාහනයෙන් සියයට හයක් හා භාණ්ඩ ප්‍රවාහනයෙන් සියයට 6.5 ක දායකත්වය දෙන දුම්රිය සේවය එකී දායකත්වය ඉහළ නංවා ගැනීමට අපොහොසත් ව තිබූ බව පවසන එම වාර්තාව 1934 දී දුම්රිය මාර්ග ජාලය කිලෝමීටර් 1521 වුවද 2021 වර්ෂය වන විට එය කිලෝමීටර් 1465 ක් දක්වා කිලෝමීටර් 56කින් අඩුවී තිබූ බව සඳහන් කරයි.

එම අඩුවීම වාර්තාවී ඇත්තේ බෙලඅත්ත දක්වාවූ කිලෝ මීටර් තිස් දෙකක්ද අලුතින් එක්වීමෙන් පසුවවීම විශේෂත්වයක් බව වාර්තාවේ සඳහන් වේ.

 



අදහස් (0)

’’කෝච්චියේ රස්තියාදුව’’ විගණනයෙන් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site