IMG-LOGO

කොච්චිකඩේ දෙන්නා කුඩු ඇදලා

බියගම කැලණිය පාරේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 85.5 වීදි වටිනාකම රුපියල් කෝටි 65ක් පමණ වෙතියි අනුමාන කෙරේ. 2013 වසරේ හොරොයින් කිලෝවක වීදි වටිනාකම රුපියල් ලක්ෂ 75-80ක් පමණ වූ බව ආරක්ෂක අංශ කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු ඔත්තුවක් අනුව මේ වැටලීම කර ඇත.

මුළු වටිනාකම කෙතෙක්දැයි මෙතෙක් ගණන් බලා නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

ත්‍රීරෝද රථයකින් හා හයිබ්‍රිඩ් කාරයකින් මෙම පිරිසිදු හෙරොයින් තොගය රැගෙන ගිය බව කියන දෙදෙනා කොළඹ කොච්චිකඩේ පදිංචිකරුවන් බවත් දැනගන්නට ඇත.

 

 



අදහස් (0)

කොච්චිකඩේ දෙන්නා කුඩු ඇදලා

අහමඩ් ජිෆ්රි Thursday, 12 June 2014 02:20 PM

මේවා හෙට වෙනකොට සෙල්ලම් කුඩු වෙයිද ? (ස)

:       0       0

අචිනි Thursday, 12 June 2014 02:24 PM

දයාජ, ඉස්සෙල්ලම කාටද දඩුවම් දෙන්න ඕනා (නදී)

:       0       0

දම්මික Thursday, 12 June 2014 10:06 PM

මේවා පසු පස සමාජයේ ප්‍රබල චරිත ඉන්නවා (දී)

:       0       0

කැලුම් Thursday, 12 June 2014 02:55 PM

ලේකම්ලත් ඕවට හවුල් ....ඇමතිලා මන්ත්‍රීලා විතරක් නෙමේ...(නදී)

:       0       0

සේන Thursday, 12 June 2014 03:17 PM

දයාජ, මැලේසියානු නීතිය වැඩක් නැහැ. අපේ රටේ තියෙන නීති තරාතිරම නොබලා ක්‍රියාත්මක වෙනවා නම්. (නදී)

:       0       0

දයාජ Thursday, 12 June 2014 03:28 PM

අචිනි,හරිම පැහැදිලියි. ඒත්,මොනවා කරන්නද ! ..."අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.." (නදී)

:       0       0

ගයාන් Thursday, 12 June 2014 03:41 PM

මේකට තමා ආශ්චර්යය බේරෙනවා කියන්නේ. ! (නදී)

:       0       0

දීපිකා Thursday, 12 June 2014 05:15 PM

බලමුකෝ මේ දෙන්නට වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

නුවන් Thursday, 12 June 2014 05:27 PM

හෙරොයින් කියන්නේ බලනකොට රත්තරන් වලටත් වැඩිය වටිනා ජාතියක්නේ (නි)

:       0       0

ජයන්ත Thursday, 12 June 2014 05:57 PM

පෙර පින් ඇති උදවියනේ... අපි තමා පවුකාරයෝ! (නි)

:       0       0

ගිහාන් Thursday, 12 June 2014 06:04 PM

මේවා අල්ලපු එක නම් බොහොම හොඳ දෙයක් තමයි. නමුත් මට මෙතැනදී පැනනඟින ප්‍රශ්නය තමයි " මේ තරම් ප්‍රමාණයක් වරායෙන් හෝ ගුවන් තොටුපළෙන් බියගමට ගියේ කොහොමද " කියන එක. අල්ලන ඒවා වගේම අල්ලන්නේ නැති ඒවාත් තිබෙනවා ඇතිනේ, මෙහෙම බලනකොට (නි)

:       0       0

ජෙහාන් Thursday, 12 June 2014 06:04 PM

මට බය, හෙට කවුරුහරි කියයිද දන්නේ නැහැ, දැන් එයා රටින් පිටවෙලා, ඒ නිසා කුඩු තොගය රාජසන්තකයි කියලා. (නි)

:       0       0

ලසිත් Thursday, 12 June 2014 06:09 PM

බලනකොට මේක බොහොම ලාභ තියෙන ව්‍යාපාරයක්නේ (නි)

:       0       0

සුනිල් රණවීර Thursday, 12 June 2014 07:17 PM

එයාලගේ නම් ගම නැද්ද (දී)

:       0       0

ශාන Thursday, 12 June 2014 11:58 AM

ලොකු ලෝඩ් අහුවෙනකොට හරි පරිස්සමින් රෙපොර්ට් කරන්නේ නේද? අහුඋන එකාගේ නම තියා පිරිමිද ගැණුද කියලවත් දාන්නේ නෑ. මොකද මහ එකා මොන ඇමැතියද දන්නෙ නැනේ නේද?(දී)

:       0       0

ටයිරෝන් Thursday, 12 June 2014 12:00 PM

මේ කුඩු තොගය අල්ල ගත්ත පොලිසියේ කී දෙනෙකුට ස්ථාන මාරු වීම් වලට මුහුණ දෙන්න වෙඉද දන්නේ නැහැ (දී)

:       0       0

බණ්ඩාර බස්නායක Thursday, 12 June 2014 12:05 PM

බොහොම පින් මේවා ඇල්ලුවට අල්ලන්න බැරුව එහා මෙහා වෙන කිලෝ ගණන කොච්චර ඇතිද අප්පා (දී)

:       0       0

අජිත් Thursday, 12 June 2014 12:11 PM

මේවා අරගෙන යන අය රැකියාවක් නැති කමට ප්‍රවාහන කටයුත්තක යෙදුන වෙන්න පුළුවන්. අල්ලන්න ඕනේ මහා මොළ කරු. පුලුවන්ද කියන එක තමා ප්‍රශ්නේ (දී)

:       0       0

ප්‍රසන්න Thursday, 12 June 2014 12:14 PM

කැළණියෙ නේ ..................... ඒ පැත්තෙ කාට හරි බාර දෙන්න වෙන්න ඇති ගෙනියන්න ඇත්තේ. ඉතිරි ටික හිතා ගන්න පුලුවන් (දී)

:       0       0

නාලක බස්නායක Thursday, 12 June 2014 12:28 PM

ත්‍රස්තවාදය නැති කරපු පොලව යට හංගපු අවි ආයුධ සොයා ගන්න රජයට උවමනාවක් තියේ නම් මෙම කුඩු ගෙන්වන්නන් අල්ලා ගැනීම අපහසු දෙයක් නොවේ. එහෙත් මොකක් හෝ නොදන්නා දෙයක් මෙම කුඩු සමග තිබෙනවා. බොහෝ දෙනෙකුගේ සැකය රජයේ ලොකු මැති ඇමති වරුන් කෙරෙහි බලපානවා (නදී).

:       0       0

රොහාන් සිල්වා Thursday, 12 June 2014 12:41 PM

දන්සල් දෙන්න ගෙනාපුවා නේද? (නදී)

:       0       0

සෑම් Thursday, 12 June 2014 12:54 PM

මීට ඉස්සෙල්ලා අහුවෙච්ච ටොන් ගානක තොගයටත් වෙච්ච දේ මතකද? ඒක පරීක්ෂණ කරලා ඉවර උනාම තිබුන ප්‍රමාණයෙන් කාලකටත් අඩු බරක් තමා පිරිසිදු හෙරොයින් තියෙන්නේ කියලා කිව්වේ. තර්කානුකුලව හිතුවාම මේවා තොග වශයෙන් විකුණන මිනිස්සු මේවාට වෙනත් දේවල් කලවම් කරලා නිකම් ගොඩ වැඩි කරගෙන ප්‍රශ්න ඇති කරගන්නවා කියලා හිතන්න අමාරුයි. මොකද මේවා තොගයට ගන්න මිනිසුන් මේවා චෙක් කරනවානේ. නැතුව නිකන්ම නිකන් පාන්පිටි ගෝනියක් හෙරොයින් කියලා ගන්නේ නැහැනේ. සිල්ලරට හන්දියක් ගානේ විකුණන මිනිසුන් නම් පාන් පිටි දානවා ඇති. මට මතකයි මාධ්‍ය ප්‍රකාශක තුමෙකුටත් මාධ්‍යවේදීන්ට හෙරොයින් තොගය කාලක් වෙච්ච එක පැහැදිලි කරගන්න බැරිව තටමපු හැටි. (නදී)

:       0       0

අසේල Thursday, 12 June 2014 08:23 PM

මේ මිනිස්සුන්ගේ සියලු විස්තර පල කරන්න (දී)

:       0       0

ජිනරතන හිමි Thursday, 12 June 2014 12:59 PM

මීට දශකයකට ප්‍රථම කැළණිය වටිනා පුජා බිමක්. කැලණිය කෙලසුවේ නුගත් මැරයන් වැනි දේශපාලුවන්. දුකක් ඇති වුවත් කල හැකි දෙයක් නොමැත. බලය සහ අවිය ඔවුන් සතු නිසා (නදී)

:       0       0

අචිනි Thursday, 12 June 2014 01:00 PM

කුඩු නේ ..... පව් ඒ අය නිදහස් කරන්න කියල ලිපියක් ඉල්ලා ගන්න කෙනෙක් නැද්ද ? (නදී)

:       0       0

කමල් Thursday, 12 June 2014 01:21 PM

අල්ලන කුඩු ටලට මොකද කරන්නේ කියා කිසිම මාධ්‍යයක වත් පලනොවන්නේ ඇයි (නදී)

:       0       0

ක්‍රිෂාන්ත සයිප්‍රස්. Thursday, 12 June 2014 01:29 PM

වෙන්ඩ බැරි වැඩක්. පොලිසියට වැරදිලාවත් ද දන්නේ නැහැ (නදී)

:       0       0

ශාන්ති Thursday, 12 June 2014 01:32 PM

මේ පොසොන් පෝයට දන්සැල් දෙන්ඩ වෙන්ඩ ඇති අනේ ගණන් ගන්ඩ එපා (නදී)

:       0       0

රන්ජිත් කුලතුංග ට්‍රයිකෝ Thursday, 12 June 2014 01:36 PM

ඔය අල්ලන කුඩු ආපසු වෙන කෙනෙකු දමා විකුණා රජයට ලොකු ආදායමක් ලබා . විදෙස් නය ගෙවන්න ක්‍රමයක් බලන්න . කොහොම රජයටත් ඕනේ සල්ලි නිසා (දී)

:       0       0

ජගත් ලියනගේ Thursday, 12 June 2014 01:39 PM

මහ මොළ කාරයාගේ නම කියන්න බැරිද? කැලණිය ප්‍රදේශයේ නිසා හිතා ගන්න ටිකක් විතර පුළුවන්.(දී)

:       0       0

අනිල් සුසන්ත Thursday, 12 June 2014 01:47 PM

අපරාදේ ඔය කුඩු ටික විකුනලා ලංකාවේ නය ටික ගෙවන්න බැරිද ? (නදී0

:       0       0

ගාමින්ද Thursday, 12 June 2014 01:57 PM

අනේ අපේ අනාගතය (දී)

:       0       0

දයාජ Thursday, 12 June 2014 02:06 PM

හෙරොයින් සම්බන්ධව මැලේසියාව කරන දැඩි නීති රීති අපේ රටෙත් කරන්න. මොවුන් මේ විනාශ කරන්නේ රටේ අනාගතයයි.(නදී)

:       0       0

තිලක් Thursday, 12 June 2014 02:15 PM

වැටත් නියරත් ගොයම් කානම් කට කියමුද ඒ අමාරුව ? අද රෑට ඕව විනාස කරන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 97 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 491 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 258 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site