IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොක්මාදූව පවුල් 16ක් කඳු පාමුලින් ඉවතට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිගම කොක්මාදූව අසල කන්දක් නාය යාමේ තර්ජනයක් නිසා අසල පදිංචි පවුල් 16කට ඉවත් වන ලෙස දන්වා ඇතැයි එම ගෙවල්වල පදිංචිකරුවෝ කියති.

දින කිහිපයකට පෙර කන්දෙන් වතුර පාරක් මතුවී යැයිද කන්දේ පස්ද බුරුල්වී ඇතැයිද ගැමියෝ පවසති.

තමනට ඉවත්වන ලෙස දැනුම්දුන් නමුත් යෑමට තැනක් නැතැයිද ඔවුහු කියති. දැකගන්නට ඇති විදියට කොක්මාදූව හා ඉමදූව අතර පෙදෙසේ අධිවේගී මාර්ගයට පස්කඳු කඩා වැටී නැත. එහෙත් අවදානමක් ඇතැයි අවට පදිංචිකරුවෝ කියති.

දින කිහිපයක් නොකඩවා එම පෙදෙසට මහ වැසි වැටුණු බවද ඔවුහු කියති.

මේ අතර ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අවතැන්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුවදුක් බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නියැලිණි.

හබරාදූව, අක්මීමන, බද්දේගම හා ගාල්ල වැනි ප්‍රදේශ කිහිපයකටම ගිය අමාත්‍යවරයා ඇතුළු නිළධාරිහු ඔවුන්ගේ සුවදුක් විමසූහ.

gaya_20151023 gaya_201510232 gaya_201510233 gaya_201510234

ඡායාරූප - ශාන්ත රත්නායක

DSC09256859

Still1002_00001[1] Still1002_00002[1] Still1002_00004[1] Still1002_00006[1] Still1002_00008[1]

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (0)

කොක්මාදූව පවුල් 16ක් කඳු පාමුලින් ඉවතට

සම්පත් Friday, 02 October 2015 11:49 PM

මේ අධිවේග මාර්ගය හදන්න කලින් ‍මේ දේවල් ගැන අවධානය යොමුකරලා නැද්ද? (නි)

:       0       0

මොහාන් Friday, 02 October 2015 06:30 AM

යන්න තැනක් නැහැ කියල හරියනවද? අන්තිමට කන්ද නාය ගිහින් යට උනහම අහන්න පුළුවන් නේ " මේකද යහපාලානේ " ? කියල. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site