IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඖෂධ 350ක මිල අඩු කරයි

(අංජුල මහික වීරරත්න)

ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය.

සභාපතිවරයා මේ බව අවධාරණය කර සිටියේ ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අද (17) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත අනුව  ඖෂධ සඳහා වන මිල නියාමනය කිරීමේ බලය එම අධිකාරිය සතුව පවතින බවත්, එම නියාමන කටයුතු 2016 වසරේ සිට සිදුකළ නමුත් 2023 වසරේ ඖෂධ ගෙන්වීමේ සමාගම් එකතුවකින් පවරන ලද නඩුවකට අධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයක්  හේතුවෙන්  2023 වර්ෂයේ දෙසැම්බර් මස සිට මිල නියාමන කටයුතු නැවැත්වීමට සිදු වු බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙහි දී පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමත කරගත් බවත්, ඉන්පසු මිල ප්‍රකාශයට පත්කල බව ද අවධාරණය කල සභාපතිවරයා මේ පිළිබදව සැපයුම්කරුවන්ට, ආනයනකරුවන්ට,නිෂ්පාදකයින්ට දැනුම් දීම් සිදුකර තිබෙන බව ද ඔහු පැවසීය.

මෙම මිල අඩුකිරීම මගින් ජනතාවට සාධාරණ මෙන්ම නියමිත මිලකට ඖෂධ ලබා ගැනීමේ අවස්ථාව උදාවන බවත්, මින්පසු වැඩි මිලට ඖෂධ විකුණන ආයතන පිළිබව දැනුවත් කිරීමට පියවර ගන්නා මෙන් ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මේ පිළිබදව ජනතාව දැනුවත් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන්ම සැකසූ විශේෂ APP එකක් කඩිනමින් ජනගත කිරීමට කටයුතුකරන බවත් විජේවික්‍රම මහතා මහතා මෙහි දී පැවසීය.



අදහස් (1)

ඖෂධ 350ක මිල අඩු කරයි

Neel Monday, 17 November 2025 07:25 PM

මේ වගේ දේවල් කරපුවාම විරුද්ධ පක්ෂයට ගමට යන්න බැරුව යනවා. දැන් වතුකරයේ ජනතාවට රුපියල් 200 ක සහන සැලසීම නිසා කන්ද උඩරට වතුවල සියලුම දෙනාම විපක්ෂය විරුද්ධව කරන ප්‍රකාශ මගින් ඒ බව සනාථවෙලා තිබෙනවා. අයියේ අපි ඉවරයි.

:       4       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site