(යොහාන් භාසුර)
රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් ඖෂධ නියාමන අධිකාරීයට බලපෑම් කරන ඇතැම් විශේෂඥයින් ඉන්දියන් ඖෂධ විරෝධයක් නිර්මාණය කිරීම සහ සෞඛ්‍ය ඇමතිවරයා අනවශ්‍ය ඉන්දීය පක්ෂපාතීත්වයක් පෙන්වීම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.
ඖෂධවල තත්වය පිළිඳව වගකීම කිසිසේත්ම සෞඛ්‍ය ඇමතිවරයාට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරගත නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම ඖෂධ නියාමන අධිකාරීයේ වගකීමක් බව කී කුමුදේෂ් මහතා අධිකාරියේ තාක්ෂණික මතය හසුරවන ඇතැම් විශේෂඥයින්, තාක්ෂණික තීරණවලට වඩා පෞද්ගලික තීරණ මත කටයුතු කිරීමෙන් අඩු මිලට ගත හැකි ඖෂධ හා ප්‍රතික්‍රීයක ලබා ගැනීමට බාධාවක් නිර්මාණය වී ඇති බව ද සඟන් කළේය.
ලියාපදිංචිය නොකල ඖෂධයක වගකීම සෞඛ්‍ය ඇමතිවරයාට, අමාත්‍යාංශයට හෝ මොනම ආකාරයක විශේෂඥ වෛද්‍යවරයෙකුට හෝ වෙනත් කිසිවෙකුට හෝ භාරගත නොහැකි අතර පෞද්ගලික අවශ්‍යතා මත පාර්ශව දෙකම සෞඛ්‍ය සේවාව අමාරුවේ දමමින් සිටින බවත් රවී කුමුදේෂ් මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඖෂධ හිඟයට ප්‍රධාන හේතුව රවී කියයි
sidath Tuesday, 21 February 2023 06:13 PM
දැනට රටට අවශ්‍ය ඖෂධ බොහොමයක් ආනයනය කරන්නේ ඉන්දීය නය පහසුකම් යටතේයි. එවැනි තත්වයක් මත, ඉන්දියානු සමාගම් වලින් ඖෂධ මිලදී ගැනීම සඳහා බලපෑම් ඒම ස්වභාවික දෙයක්. මේ යතාර්ථය පිළිගන්නට අකමැති උදවිය, තමන්ට කැමති තැනකින් ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය විදේශ විනිමය සොයා ගන්නා ආකාරයත් ඉදිරිපත් කල යුතුයි.
Chanu Tuesday, 21 February 2023 06:48 PM
රවී කියන කතාව හරියටම හරි. අපි හැමදාම අත දික් කරන්නේ දේශපාලන බලවතා ට. හැබැයි ඔය මිනිස්ට්‍රි එකේ ඉන්න සබ්ජෙක්ට් ක්ලාක් දෙන ගේම කාටවත් පෙන්නේ නෑ. මම දන්න ප්‍රඩක්ට් එකක ෆයිල් දෙසැම්බර් 2 ඉදන් සබ්ජෙක්ට් ක්ලාක් ගාව. බඩු නෑ. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් බඩු ගේන්න ඔක්කොම ඇප්රුව් කරලා. සබ්ජෙක්ට් ක්ලාක් ෆයිල් එක තියාගෙන ඉන්නවා
කමල් Tuesday, 21 February 2023 08:50 PM
ආ...! මිස්ටර්. ටෙස්ටිං... කොහොමද පඩි එහෙම ඇතිද? වර්ජන එහෙම කෙරීගෙන යනවාද?