IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඖෂධ - පාස්පෝට් මගඩි ගැන පරීක්ෂණ අරඹන්න

(යොහාන් භාසුර)

ඖෂධ සහ පාස්පෝට් හිඟයට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්න ලෙස  බලකිරීම සහ ඖෂධ නියාමන අධිකාරියේ වටිනා දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ටෙන්ඩරය පිළිබඳව යළි විමර්ශන අරඹන ලෙස ඉල්ලමින් වෘත්තීය ව්‍යාපාර හා සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට අද (8) පැමිණිලි බාර දුන්නේය.

අදාල සිද්ධීන් වාර්තා වී වසර ගණනාවක් ගත වී තිබුණත් නිසි පරිදි විමර්ශන සම්පූර්ණ කිරීමට අසමත්ව ඇති ඖෂධ නියාමන අධිකාරි දත්ත වංචාව සහ ඊට සම්බන්ධ අනුබදෙත සමාගමක් හරහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංකය පාලනය කරමින් යළි  රට තුළ නිර්මාණය වෙමින් පවතින පාස්පෝට් හිඟයට මූලික වූ පාස්පෝට් ටෙන්ඩරය දීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඉන් රජයට සිදුවී ඇති අලාභයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි ක⁣ළේය.

රටේ ක්‍රියාත්මක වූ පැරැණි පාස්පෝට් ක්‍රමය වෙනුවට විද්‍යුත් පාස්පෝට් ක්‍රමයක් හඳුන්වා දෙන ලද නමුත්හිදී ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ සමාගම් අතර වූ ගැටලුවක් මත මේ දක්වා විද්‍යුත් පාස්පෝට් නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති අභියාචනා කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවද නිර්දේශ දී ඇති අතර දැනට මේ සම්බන්ධව අධිකරණමය කටයුත්තක් ද ආරම්භ වී ඇති බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පැමිණිල්ලේ සඳහන් කර තිබේ. 

පාස්පෝට් නිකුත් කිරීමේ කාර්යය ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු වුවත් ඊට පෙර පාස්පෝට් සැපයූ සමාගම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම භාරව කටයුතු කිරීම නිසා මේ වන විට නව පාස්පෝර්ට් නිකුත් කිරීමේ දී ද පරණ සමාගමට රුපියල් හාරසියයකට ආසන්න ගාස්තුවක් ගෙවීමට සිදුවීම සම්බන්ධයෙන් ද මහජන ආරක්ෂාව භාර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වෙත සිවිල් සංවිධාන පැමිණිල්ලක් කළ බව ද චමල් සංජීව මහතා පවසයි. 

නව විද්‍යුත් පාස්පෝට් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීමට ටෙන්ඩරය ප්‍රදානය කර ඇතත් එම ටෙන්ඩරය සමඟ විද්‍යුත් මෘදුකාංගය සම්බන්ධ කොන්දේසි ඇතුළත් නොවීම නිසා මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බවත් මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා මෙම ගනුදෙනුවලට සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසමේන්  ඉල්ලීමක් කළ බවත් පැමිණිලි මගින් වෛද්‍ය චමල් සංජීව මහතා කීය. 

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, පොලිස් මූලස්ථානය ඇතුළු නීති අංශ රැසක් මෙම පාස්පෝට් ගණුදෙනුව සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ඖෂධ - පාස්පෝට් මගඩි ගැන පරීක්ෂණ අරඹන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site