IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඖෂධ නිකුත් කිරීම වට්ටෝරුවට පමණයි

වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරු සඳහා පමණක් ඖෂධ නිකුත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  සියලුම ඖෂධහල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.

ඖෂධ වට්ටෝරු නොමැතිව ඖෂධ නිකුත් කරන ඖෂධ හල් හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද රජය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන් පවසන රෝග ලක්ෂණවලට ඖෂධ නිකුත් කිරීම සපුරා තහනම් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (9)

ඖෂධ නිකුත් කිරීම වට්ටෝරුවට පමණයි

pawan Sunday, 12 April 2020 01:16 PM

දුරකථනයෙන් දෙන කෙටි පපණිවුඩ වට්ටෝරු වලට අදාළ නැහැ නේද?

:       0       14

සරත් Sunday, 12 April 2020 01:38 PM

ඒක නිත්‍යානුකූලව වැරදි වෙන්න ඇති. ඒත් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් ඔහොම එළව එළවා පළිගන්න එපා. මොකද වෛද්‍යවරු හමුවෙන්න අමාරුයි මේ දවස් වල. මාත් දුරකතනයෙන් වෛද්‍යවරයාගෙන් බෙහෙත් අහගෙන ඒක තමයි ෆාමසි එකෙන් ඉල්ල ගත්තේ. එහෙම නැතිනම් ෆාමසි එකෙන් අහගෙන බෙහෙත් ගත්තේ. ඇයි මේ වගේ මිනිස්සුන්ගෙන් මේ වෙලේ මෙහෙම පළිගන්න වගේ කටයුතු කරන්නේ රජයේ හැමෝම? මේ යන විදියට ඇඳිරි නිතිය ඉවරවෙනකොට රටෙන් බාගයක් හිරේ දාන්න වෙයි.

:       5       93

ජයන්ත කුමාරසිරි Sunday, 12 April 2020 02:44 PM

මාගේ වයස 12 ක් වන දරුවාට පසුගියදා අසනීප උනා. මා වෛද්‍යවරුන්ගේ දුරකථන අංක වලට කතා කරා. ඒ අය දුරකතනයට කතා කළේ නැහැ. කාර්යබහුල ඇති. ඉන්පසු අසල ඇති වෛද්‍යවරයෙක්ගේ නිවස අසලට ගොසින් විනාඩි 10 ක් පමණ කතා කළා. ඔහු එළියට ආවේ නැහැ. ඇතැම් විට නිවසේ නොසිටින්නට ඇති. ඉන්පසු මා අසල ඇති පොලිස් මාර්ග බාධකයට ගොස් දරුවාට අසනීප බව පවසා හිතවතෙකුගේ ඖෂධ අලෙවිසැලකින් බෙහෙත් අරන් දරුවාට දුන්නේ. ඒ වෙලේ එයා මට ලොකු උදව්වක් කරේ. ඔහු කරදේ වැරදි ඇති. ඒත් අපි හොදටම අසරණ වෙලා ඉන්න මේ වෙලේ වෙන මොකක්ද කරන්නේ? ඉහළ නිලධාරීන් හිතු මතේ විවිධ නීති දානවා. ආයේ වෙනස් කරනවා. ආයේ දානවා. මිනිස්සුන්ට සියදිවි නසාගන්න වෙන්නේ මෙහෙම ගියොත්.

:       3       85

de silva Sunday, 12 April 2020 02:47 PM

එහෙමනම් රජයේ රෝහල් වල බාහිර රෝගී අංශය දිනකට පැය 12 ක් පමණ විවෘත කර තබන්න. එවිට දොස්තර හම්බවෙලා තුණ්ඩුව ලියාගෙන බෙහෙත් ටික ගන්න පුළුවන්. මිනිස්සුන්ට කල්පයක් නොමැතිව තහංචි දමන්න එපා. අර සරත් මහත්මයා කිව්වා වගේ මේ අවස්ථාවේ මිනිස්සුන්ගෙන් පළිගන්න එපා. එහෙම කළොත් ලබන චන්දෙදි මිනිස්සු පාලකයන්ට හොඳ පාඩමක් උගන්වාවි. මිනිස්සු මැරෙන්නේ කොරෝනා නිසා පමණක් නොව ඊට වැඩිය දස ගුණයකින් වෙනත් රෝගවලිනුත් මිනිස්සු මැරෙනවා.

:       35       148

Kamal Sunday, 12 April 2020 03:20 PM

ඇදුමට හදිසියට ඉන්හේලරයක්වත් ගන්න බෑ මේ විදිහට. මිනිස්සු මරන්න ලෑස්තිය.

:       0       53

Saku Monday, 13 April 2020 04:26 AM

පුතානෝ සොයා ගත්ත බෙහෙත මොන ෆාමසියෙන්ද ගන්න පුලුවන් ?

:       0       0

Rohana Monday, 13 April 2020 04:53 AM

සමහර ඖෂධ ජීවිතාන්තය දක්වා ගන්න එකම ඖෂධ වර්ග. ඇදිරි නීතිය අස්සේ බේත් ලියාගන්න ක්‍රමයක් නැහැ. මෙහෙම නීති දැම්මොත් බෙහෙත් නැතිව මැරෙන්නයි වෙන්නේ.නීතියට වඩා ප්‍රායෝගික දේ ගැනත් සානුකම්පිකව සිතා බැලුවොත් හොදයි.

:       0       2

225 Monday, 13 April 2020 09:03 AM

මෙන්න විහිළුමඟ සංවිධානයේ තවත් උත්කෘෂ්ඨ තීරණයක්. මේක වෙනස් නොකර ඒ වෙනුවට එලවළු ලොරිවල ඉඩ ටිකක් අරගෙන වෛද්‍යවරු ගෙදරම එවයි. 2/3 ට එකම සුදුස්සා විහිළුමඟ පමණයි.

:       0       1

de silva Monday, 13 April 2020 02:24 PM

අනිල් ජාසිංහ මහත්මයත් වියත්මග සාමාජිකයෙක්ද ? වියත්මග විහිලුවකට ගෙන ඇති බව පොහොට්ටුවේ මහා මතිවරනෙට ඉදිරිපත් කරපු ලිස්ට් එක දැක්කම පෙනෙනවා මුලින් කිවේ ලිස්ට් එකේ උගත් , බුද්ධිමත් අවංක වියත්මග සාමාජිකයන්ට මහා මැතිවරනේදී විශේෂ ස්ථානයක් දෙනවා කියල.. නමුත් එහෙම වෙලා නැහැ , පරණ පුරුදු ඔළුගෙඩි ටික මේද පාරත් චන්දෙට එන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site