
(අංජුල මහික වීරරත්න)
වෛද්‍ය සැපයුම් අංශය සඳහා ගබඩා පහසුකම් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන වෛද්‍ය සැපයීම් අංශය මඟින් රෝගී සත්කාරක සේවාවන් සඳහා අවශ්‍ය වන ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් හා ඖෂධ අයිතමයන් සපයාගෙන ගබඩාගත කර සෞඛ්‍ය ආයතන වෙත ඛෙදා හැරීම සිදු කරනු ලැබේ. දැනට වෛද්‍ය සැපයීම් අංශය සතුව පවතින ගබඩා පහසුකම් ප්‍රමාණවත් වනුයේ සමස්ත වාර්ෂික ඖෂධ පරිභෝජනයෙන් ආසන්න වශයෙන් දින 22 ත් 30 ත් අතර කාලයක් සඳහා වූ තොග ගබඩා කර තබා ගැනීමට පමණි. කෙසේ වුවද, නියමිත කාලයේදීම ඇණවුම් ලබා දීම මඟින් සියලුම සැපයුම් වල මාස 06කට වැඩි කාලයක් සඳහා අවශ්‍ය වන සැපයුම් ඉදිරි මාස කිහිපය තුළ ලබා ගැනීම තුළින් ඖෂධ හිඟය අවම කිරීමටත්, මාස 03 ක කාලයක් සඳහා ස්වාරක්ෂක තොගයක් පවත්වා ගෙන යාමටත් මේ වන විට සැලසුම් කර ඇති බැවින් එයට ගැලපෙන පරිදි ගබඩා ධාරිතාව වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් මතු වී ඇත.
ඒ අනුව, අදාළ කාර්යය සඳහා භාවිත කිරීමට හැකි වන පරිදි ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු වේයන්ගොඩ පිහිටි ඉඩමේ ඉදි කර ඇති වර්ග අඩි 30,000 බැගින් වූ ශිතදාම ගබඩා දෙකද ඇතුළුව ගබඩා ගොඩනැගිලි 03 ක් හා ඊට අදාළ ඉඩම් කොටස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඖෂධ ගබඩා කරන්න ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා දෙයි
පන්සිළු Tuesday, 16 December 2025 03:29 PM
රජයේ බංගලාවල උසාවි අරිනවා. ආහාර ගබඩාවල ඖෂධ දානවා ඉස්කෝල වහලා හිරගෙවල් අරිනවා. මේ සේරම සමානයි නේද? ජාතියක් හැටියට භයානක තැනක ඉන්නේ අපි...