ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළේ රැඳී සිටි පුද්ගලයින් ඉවත් කර එම ස්ථානය ජන ශුන්‍ය කිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇත.
සෙල්සියස් අංශක 35 ක පමණ උෂ්ණත්වයක් ඊයේ දිනයේදී සිඩ්නි නුවර ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූ බැවින් බොන්ඩි වෙරළට ද වැඩි පිරිසක් ඒකරාශී වී තිබුණි.
කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ පැතිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියා රජය පනවා ඇති සීමා හමුවේ එය ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක්විය.
ඒ අනුව වෙරළට අද දිනයේත් විශාල පිරිසක් එක්රැස් වීම හේතුවෙන් එය ජන ශුන්‍ය කිරීමට පියවර ගැනුණි. ඊට අමතරව සිඩ්නි නගරයේ තවත් ප්‍රසිද්ධ වෙරළ කිහිපයක්ම මෙසේ ජන ශුන්‍ය කලාප බවට පත් කිරීමට පියවර ගෙන ඇත.
පුද්ගලයින් 500 කට වඩා එක්රැස් වීම ද ඕස්ට්‍රේලියාව තුළ සතියකට වැඩි කාලයක් සඳහා තහනම් කර තිබේ.
“අපි විනෝදයට වැට බඳින පොලිසියක් නෙමේ. අපි මේක කරන්නේ ජීවිත බේරා ගන්නයි“ යයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රාජ්‍යයේ පොලිස් කටයුතු ඇමති ඩේවිඩ් එළියට් මහතා පැවසීය.
ඕස්ට්‍රේලියාවේ සිටින කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව අද (සෙනසුරාදා) වන විට 1068 දක්වා ඉහළ ගොස් තිබිණ. ඔවුන් අතුරින් 10 දෙනෙක් ඇමරිකානු ජාතිකයෝ වෙති.
226
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ ජන ශුන්‍ය කෙරේ
siri Saturday, 21 March 2020 12:18 PM
එහෙත් තකතීරු මිනිස්සු ඉන්නවා එහෙනම්.