IMG-LOGO

ඕස්ටේ‍්‍රලියානු සංචාරයට දිමුත් එක්වෙයි

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඇතුළත්ව සිටියි. දෙරට අතර පළමු තරගය දෙසැම්බර් මස 14 වැනිදා හෝබාර්ට්හීදි ආරම්භවන අතර තරගාවලිය තරග තුනකින් සමන්විතය. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් හිමිකර ගත් දිමුත් ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 60 ක් ලබාගත්තේය. එම තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලූ 10 ක විශිෂ්ට ජයක් ලැබීය. වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප් සංචිතයට එක්ව සිටින නමුත් යොවුන් ක‍්‍රීඩක තරිඳු කෞෂාල්ට සංචිතයේ ස්ථානය අහිමිව තිබේ. පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු, නවසීලන්තයට සමග දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටියි. ඕස්ටේ‍්‍රලියානු තරග සංචාරයේ ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, තරංග පරණවිතාන, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන, රංගන හේරත්, නුවන් කුලසේකර, ශාමින්ද එරංග, සුරාජ් රන්දිව්, දිනේෂ් චන්දිමාල්, චානක වෙලගෙදර, නුවන් ප‍්‍රදීප්, ධම්මික ප‍්‍රසාද්, දිමුත් කරුණාරත්න අතිරේක ක‍්‍රීඩකයෝ: ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, අකිල ධනංජය සහ අජන්ත මෙන්ඩිස්



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානු සංචාරයට දිමුත් එක්වෙයි

නලීන් Wednesday, 21 November 2012 06:09 PM

තරංග හොද නැද්ද? (නි)

:       0       0

විමුක්ති Wednesday, 21 November 2012 10:39 AM

හොදයි

:       0       0

ඇන්ටන් Wednesday, 21 November 2012 02:52 PM

තරංග පරණවිතාන, චානක වෙලගෙදර, සුරාජ් රන්දිව් වෙනුවට උපුල් තරංග/ළහිරු තිරිමාන්න, අකිල ධනංජය, අජන්ත මෙන්ඩිස් ගන්න තිබබා (ස)

:       0       0

රොහාන් Wednesday, 21 November 2012 01:16 AM

හොදට සෙල්ලම් කරන්න

:       0       0

විජේ Wednesday, 21 November 2012 11:47 AM

එකකොට ශාමින්ද එරංගට මොකද වුණේ එකපාරටම (ස)

:       0       0

විමුක්ති Wednesday, 21 November 2012 12:17 PM

විජය , ඔයාට සිංහල කියවන්න බැරිද (ස)

:       0       0

තත්සරණී Wednesday, 21 November 2012 04:15 PM

සැම අතින්ම පිරිපුන් සංචිතයක් . ජය වේවා ශ්‍රී ලංකා (ස)

:       0       0

වරුණ Wednesday, 21 November 2012 08:10 AM

මොකටද ඒ

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 09:32 AM

සුභපතනාවා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site