ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කී‍්‍රඩිකාවෝ දසවැනි වරටත් පැවැති කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්වූහ. ඕස්ටේ‍්‍රලියාව කාන්තා එක්දින ලෝක කුසලාන ශූරතාව දිනූ හයවැනි අවස්ථාව මෙයවේ.
මුම්බායිහිදී අද (17) පැවැති අවසන් මහ තරගයේදී (දිවා/රාත‍්‍රි) ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ ලකුණු 114 කින් බටහිර ඉන්දීය කොදෙව් පිල පාරජය කිරීමට සමත් වූහ.
බටහිර ඉන්දීය කොදෙව් පිල කාන්තා ලෝක කුසලාන තරගාවලියක අනුශූරයන් වූ පළමු අවස්ථාව මෙයවේ.
ඕස්ටේ‍්‍රලියාව මීට පෙර 1978, 1982, 1989, 1997 සහ 2005 යන තරගාවලි වල ශූරියන්වූ අතර 1973 සහ 2000 තරගාවලිවල අනුශූරතාව හිමිකර ගත්තේය.
ලකුණු 260 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය කොදෙව් ඉනිම ලකුණු 145 කටසීමාකිරීමට ඕස්ටේ‍්‍රලියානු පන්දුයවන්නියෝ සමත්වූහ.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 7 ට 259
(මැග් ලැනින් 31, රිචල් හෙයින්ස් 52, ජෝස් කැමරොන් 75, ජෝඩි ෆීල්ඞ්ස්නොදැවී 36, එල්සිප‍්‍රිර්යි නොදැවී 25, ශාකුනා කුයුනිටි 27/3)
බටහිරඉන්දීයකොදෙව්පිල ඕවර 43.1 කදී 145
(මිරිස්සා ඇගියුලේරා 23, ඩිනේන්ද්‍ර ඩොටි 22, කිෂෝනා නයිට් නොදැවී 21, මිගන්ස්ෂූට් 38/2, ලීසා ස්තලිකර් 20/2, එල්සි ප‍්‍රිර්යි 19/3)
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ 6 වැනිවරටත් කාන්තා ලෝක කුසලාන ශූරතාව දිනති