IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඕස්ට්‍රේලියන් කතගේ මොලේ පණුවෙක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුල සිට පණ ඇති පරපෝෂිත පණුවෙක් ලොව ප්‍රථම වතාවට සොයා ගැනීමට සමත් වූ බව විද්‍යාඥයන් පවසා ඇත. මෙම පණුවා දිගින් සෙන්ටිමීටර 8 ක් පමණ වන බවත් පණුවා කාන්තාවගේ මොළය තුළ මාස දෙකක් පමණ ඉන්නට ඇතැයි විශ්වාස කරන බවත් කැන්බරා රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

මෙම 64 හැවිරිදි කාන්තාවට අසාමාන්‍ය රෝග ලක්ෂණ ඇති වූ බවත් ඒ හේතුවෙන් පසුගිය වසරේදී මොළයේ සිදුකළ එම්.ආර්.අයි පරීක්ෂණයකින් පසු ඇයට ශල්‍යකර්මයක් කළ යුතු බව කැන්බරා රෝහල තීරණය කළ බවත් කැන්බරා රෝහලේ බෝවන රෝග වෛද්‍ය සංජය සේනානායක මහතා පවසා ඇත. ශල්‍ය කර්මයේදී සෙන්ටිමීටර 8 ක පණ ඇති පණුවකු රෝගියාගේ මොළයෙන් ශල්‍ය වෛද්‍ය හරි ප්‍රියා මහත්මිය එළියට ගෙන ඇති බවත් එම අවස්ථාවේදී ඊළඟට සිදුකළ යුත්තේ කුමක්දැයි තීරණය කිරීම සඳහා තමාට සහ අනිකුත් වෛද්‍යවරුන්ට හරි ප්‍රියා මහත්මිය කතා කළ බවත් වෛද්‍ය සංජය සේනානායක මහතා ප්‍රකාශ කර තිබේ.

ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් නිරන්තරයෙන් මොළයේ ආසාදන සමඟ කටයුතු කළත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු මෙවැනි දෙයක් කිසිම විටකත් බලාපොරොත්තු නොවන බවත් වෛද්‍ය සංජය සේනානායක මහතා පවසා ඇත.



අදහස් (6)

ඕස්ට්‍රේලියන් කතගේ මොලේ පණුවෙක්

User Tuesday, 29 August 2023 02:59 PM

බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයා වන ජීවක වෛද්‍යවරයා සිටුවරයෙක්ගේ මොලයේ සිටි පනුවන් දෙදෙනෙක් ශල්‍යකර්මයකින් ඉවත් කළ බව ධර්මයේ සඳහන්වනවා.

:       6       52

ShamaliWednesday, 30 August 2023 07:54 AM

අවුරුදු දහස් ගණනකට පෙර කරපු ඒ සැත්කම සාර්ථක වූ කරලා තියෙනවා.ඒත් දැන් ඉන්න එවුන්ගේ පම්පෝරිය විතරයි.

:       1       3

උපාසක Wednesday, 30 August 2023 05:15 PM

බුදු දහම නොදන්නා මුග්ධයින් හයදෙනෙක් අන්ලයික් දාලා තියෙනවා එවුන්ට යහපත් කල්පනා ශක්තියක් ලැබේවා සත්‍ය අවබෝධ වේවා

:       0       1

සුරංගි Tuesday, 29 August 2023 05:35 PM

2019 මැතිවරණ අවස්ථාව වනවිට ලංකාවෙ මොළේ පනුවන් සිටි ජනතාව ලක්ෂ හැටනවයක් හිටියා කියලා මතකයේ තියෙනවා

:       2       6

senevi Tuesday, 29 August 2023 08:38 PM

මහින්දගේ,රනියාගේ ....මොලවල ටොන් ගණන් පනුවෝ ඇති.

:       1       7

in 2019 69 million people in Sri Lanka had warm brains Wednesday, 30 August 2023 02:58 PM

ලංකාව විනාශ කරපු දේශපාලකයන්ගේ මොලේ උණු උණුවේම පිරිලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site