IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඕමාන තානාපති කාර්යාලයේ හිටපු තෙවන නිලධාරියා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි තුන්වන නිලධාරියාව සිටි එදිරචාරිගෙ කුෂාන් ලබන 13දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය .

මෙම සැකකරු අද (29) අළුයම 4.15 ට  ඕමාන් රටේ මස්කට් සිට ගුවනින් මෙරටට පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය තීරණය කළේය .



අදහස් (6)

ඕමාන තානාපති කාර්යාලයේ හිටපු තෙවන නිලධාරියා රිමාන්ඩ්

රත්‍රන් ඇටිකිච්චා Tuesday, 29 November 2022 03:53 PM

මෙහෙම එවුන්ටත් මරණ දඩුවම් දීමට නීති සැකසීම කරන්න ඕන මුන් ජාතියත් කනවා රටත් කනවා

:       2       29

sssa Tuesday, 29 November 2022 04:26 PM

මෙයාට විදේශ සේවයේ යෙදෙන්න තියෙන සුදුසුකම් ටික පල කළානම් තමයි හොඳ..!

:       0       1

Upali Tuesday, 29 November 2022 04:30 PM

මේ කතාවේ දෙපැත්තක් තියෙනවා. නීතිවිරෝධී ලෙස විදෙස් ගතවන කාන්තාවන්ගේ කතාව අපට අහ්න ලැබෙනව. මම හැම ප්‍රවෘත්ති නාලිකාවකම දැක්කා ඔවුන්ගෙන් වොයිස් කට් ගන්නවා මිසක් නීති පද්ධතීන් තියෙද්දී ඔවුන් නීති විරෝධී ලෙස විදේශගත වුණේ ඇයි කියලා ප්‍රශ්න කරන්නේ නැහැ.

:       4       19

Prabha Tuesday, 29 November 2022 05:34 PM

ලංකාව කිරියෙන් පැණියෙන් ඉ‌තිරෙනවා. අන්න ඒ්කයි මිනිස්සු නීති විරෝධීව හරි රස්සා හොයන් රටින් යන්නේ.

:       0       1

sampath Tuesday, 29 November 2022 07:11 PM

මේකෙ‌ කිසිම පැත්තක් නෑ. තියෙන්න් භාරකාරීත්ව ස්ත්‍රී දූෂණයක්. නිලධාරියෙක් භාරයේ ඉන්න කාන්තාවකට රැකවරණය ආරක්ෂාව සැපයීමට ඒම නිළධාරියා වගකීමකට බැදෙනවා. තමන්ගේ බලය අයුතු ලෙස යොදා ගෙන කර ලිංගික බලහත්කාරයක් මෙතන තියෙන්නේ. ඊට අමතරව ඔ්මාන රාජ්‍යයේ නීතියට අනාඩුවත් දඬුවමක් දෙන්න තිබුණ තානාපති විනිර්මුක්තියට මුවා වෙලා අපරාධ කරන්න බෑ.

:       0       0

MAHADANA MUTHTHA Tuesday, 29 November 2022 08:57 PM

මැදපෙරදිගට කාන්තා ශ්‍රමිකයන් යැවීම නිසා මතුවී ඇති ගැටලු නිසා එයට විසදුමි සෙවීම හරියට දිග කලිසම ඔලුවෙන් ගලවන්න කරන උත්සාහයක් වගෙ. මෙිකට මූලික හේතුව නුපුහුණු රැකියා වලට කාන්තාවන් යැවීමයි. මෙිකට ඉන්දියාව හොන්ද පිළිතුරැ සපයයි. ඒගොල්ල කාන්තාවන් මැදපෙරදිගට යවන්නේ වෘත්තීයමය ( professional) සුදුසුකමි ඇති අය පමණයි. ඉතා ඉහල වැටුප් ලැබෙන බැවින් ඔවුන් මුහුණ පාන ගැටලු ඉතා අවමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site