ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් භාගයේ දී සිදු වී යැයි කියන මානව හිමිකම් කඩ කිරීම් ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ඔස්ෙටි‍්‍රලියාව ද අද ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය . මීට පෙර කැනඩාව මේ ඉල්ලීම කෙළේය. පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගීවීමට මහින්ද රාජපක්ෂ ජනපති එහි ගොස් සිටියි. ශ්‍රී ලංකාවේ ඉපැදී දැනට ඔස්ෙටි‍්‍රලියාවේ පදිංචි ඉංජිනේරුවකු වන අරුණචලම් ජෙගදීස්වරන් ද යුද අපරාධ සම්බන්ධයෙන් ජනපතිට එරෙහිව ඔස්ෙටි‍්‍රලියා අධිකරණයක පැවැරූ නඩුව නොවැම්බර් 29 වැනි දා විභාගයට ගැනීමට නියමිතය.මේ අතර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්, හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහට එරෙහිව යුද අපරාධ චෝදානා ගොනු කළ හැකිදැයි ඔස්ට්‍රේලියා පොලිසිය වෙනම පරීක්ෂණයක් පවත්වයි. ඔස්ට්‍රේලියා අගමැතිනි ජුලියා ගිලා පවසනුයේ යුද්ධයේ අවසන් සමයේ බරපතල ලෙස මානව හිමිකම් කඩ කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි ඔස්ට්‍රේලියාව හා ඔස්ට්‍රේලියාව සේ සිතන සිතන වෙනත් රටවල් ද දිගටම බලපෑම් කැන බවයි. යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකාව අනතුරු අඟවනුයේ මේ ප‍්‍රශ්නය නිසා පනස් ගණනකට වැඩි රටවල් අයත් වන පොදු රාජ්‍ය මණ්ඩලය ඉහිරී යා හැකි බවයි. 2013 දී එම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය. එය වර්ජනය කරන බව කැනඩාව කියයි. පර්ත්, රොයිටර්
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔස්ට්‍රේලියාවත් කැනඩා පාරේ