IMG-LOGO

ඔලිම්පික් විකාශයට අතුරු තහනමක්

ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ  තනි විකාශන අයිතිය ඉල්ලමින් රූපවාහිනී සංස්ථාව පැවැරූ නඩුවෙන්  කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා එම්.ටී.වී හා එම්.බී.සී. රූපවාහිනි  නාළිකාවලට අද අතුරු තහනමක් නිකුත් කෙළේය. බැලූ බැල්මට පැමිණිල්ලට නඩු නිමිත්තක් ඇතැයි තීරණය කළ විනිසුරු ලබන අගෝස්තු 27 වැනි දාට පෙර විරෝධතා ගොනු කරන ලෙස වගඋත්තරකරුවනට නියෝග කෙළේය.



අදහස් (0)

ඔලිම්පික් විකාශයට අතුරු තහනමක්

කින් බෙනට් Monday, 02 July 2012 07:09 PM

ඔය ජාතික රුපවාහිනිය කියන්නේ ජපානයෙන් අපිට නිකන් ලැබිච්ච තෑග්ගක් .... මේ වෙනකම් අවුරුදු 31 ක් තිස්සේ පවත්වාගෙන ගියත් තමන්ගේ ලාබයෙන් පැවැත්ම ගෙනියන්න බැරි හින්ද දැන් දැන් වෙන පුද්ගලික රුපවාහිනි චැනල් එක්ක නඩු ගිහින් ගහ මරාගෙන හරි කියක් හරි හොයාගන්න දඟලන හැටි දැක්කම දුක හිතෙනවා ....මේ පුද්ගලික රුපවාහිනිය පවත්වාගෙන යන්නේ පුද්ගලික සල්ලි වලින් .. ඒ වගේම මේ පුද්ගලික රුපවාහිනිය තමයි අපි කවුරුත් දන්නා විදියට ලංකාවට නව හඳුන්වාදීම් අඳුන්වාදෙන්නේ.... එහෙම එකේ මේක අදිකරණයක් වෙත ගෙනිහින් එක විනිසුරුවෙක්ගේ තීරණයකින් තීරණය නොකර ජනතාවට මොන චැනල් එකද තමන්ට හොඳට ඔලිම්පික් පෙන්නන්නේ කියල තීරණය කරන්න දුන්නනම් තමයි හොඳම .....

:       0       0

ප්‍රියන්ත රණසිංහ ගම්මන්පිල Tuesday, 03 July 2012 08:41 PM

මම නම් කියන්නේ ළමා මනස විකෘති කරන වැඩසටහන් දාන නාලිකා වලට වඩා ජාතික රෑපවාහිනිය හොදයි කියලා...

:       0       0

කපිල Tuesday, 03 July 2012 10:32 PM

ටී. ජයවර්ධනත් එක්ක මමත් එකග වෙනව.ජාතික රූපවාහිනිය ක්‍රිකට් ප්‍රචාරක අයිතිය නිකම්ම CSN එකට දී බලා හිදීම නම් ඉතාම ලැජ්ජා සහගතයි.

:       0       0

සම්පත් Monday, 02 July 2012 10:28 PM

බෙනට් ඔයා රෙදි ඇදගෙනද කතාකරන්නේ....

:       0       0

කසුන් Monday, 02 July 2012 10:53 PM

ලංකාවෙන් ඔලිම්පික් තරග වලට යන්න ඉන්නේ ක්‍රීඩකයො 4 යි. මෙහේ කවුද ඔලිම්පික් පෙන්නන්නේ කියලා මරා ගන්නවා. වෙළද දැන්වීම් මගින් සල්ලි සෙවීම මිසක් නාලිකා වලට ක්‍රීඩාව ගැන ඇති කැක්කුමක් නෑ.

:       0       0

ටී. ජයවර්දන Monday, 02 July 2012 11:30 PM

ඔලිම්පික් ප්‍රචාරක අයිතිය වෙනුවෙන් සිරසත් එක්ක නඩු කියන්න යන රූපවාහිනිය... වැඩි ආදායමක් ගත හැකි ක්‍රිකට් ප්‍රචාරක අයිතිය නිකම්ම CSN එකට දී බලා හිදීම නම් ඉතාම ලැජ්ජා සහගතයි....?

:       0       0

සූරියන් Monday, 02 July 2012 03:44 PM

CSN එකට විකාශන අයිතිය දෙමුද ?

:       0       0

ප්‍රියංකර Wednesday, 04 July 2012 12:52 AM

ඇයි ලන්ඩන් වල විශේෂ යමක් වෙන්නේ නැද්ද? ඒ ගමන මොකක්ද මේ?

:       0       0

දිසා Tuesday, 03 July 2012 02:34 AM

නඩුත් හාමුදුරුවන්ගේ.... බඩුත් හාමුදුරුවන්ගේ

:       0       0

රනිල් Tuesday, 03 July 2012 08:36 AM

ඔය කියන නවතාවය පුද්ගලික රුපවාහිනි වලින් පෙන්නන ගිහින් තමයි අපේ භාෂාව , හැදියාව , සංස්කෘතිය මෙතරම් ඉක්මනට පිරිහුණේ.

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 03 July 2012 09:30 AM

ජාතික රූපවාහිනිය කියනවා, සිරසට වඩා වැඩි පිරිසකට පෙනෙන්නේ ජාතික එක නිසා එයාලට විකාශන අයිතිය දෙන්න ඕන කියල. ඒ කතාව පිලිගන්නවා නම්, විකාශන අයිතිය දෙන්න ඕන එයාලටත් නෙවෙයි, ස්වාධීන එකටයි. මොකද මම දන්නා බොහෝ ප්‍රදේශ වලට මේ තුනෙන්ම වඩා හොඳින් සංඥා ලැබෙන්නේ ස්වාධීන රූපවාහිනියෙන්. අපිට නම් තියෙන ප්‍රශ්න වල හැටියට මොකෙන් බලාගත්තත් ඒහැටි වැදගත් කමක් නැහැ. අපෙන් යන්නෙත් හතර දෙනයි. නිලධාරි සීයක් විතර යාවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 152 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2269 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site