IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔලිම්පික් උළෙලට රොබෝවරු 500ක්

2016 වසරේදී බ‍්‍රසීලයේ රියෝද  ජැනයිරෝ නුවරදී  පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තර කිරීමට රොබෝවරුන් 500 කින් සැදි හමුදාවක්ද අනුයුක්ත කිරීමට බ‍්‍රසිලය සැරසේ.

රොබෝවරුන් මිලදී ගැනීමට පවුම් ලක්ෂ 42  ක් වැය කිරීමට නියමිතය.රොබෝවරුන් මිලදී ගැනෙනුයේ ප‍්‍රකට ඇමරිකානු සමාගමක් වන අයිරොබොට් සමාගමෙනි.අයිරොබොට් සමාගම ඇමරිකා හමුදාවන්ගේ මෙහෙයුම් වලට අවශ්‍ය වන රොබෝවරුන්  සපයයි.

පැක්බොට් නමින් හැදින්වෙන මේ මිලදී ගැනීමට නියමිත රොබෝවරුන්ට පැවරෙන කාර්යභාරය වනු ඇත්තේ මිනිස් ආරක්ෂක භටයන්ට යා නොහැකි ස්ථාන වල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමයි.විශේෂයෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා නිරීක්ෂණ කටයුතු සිදුකිරීමද මේ රොබෝ බළකායට පැවරේ.පුපුරණ ද්‍රව්‍යයක් හමුවුවහොත් එය එම ස්ථානයෙන් බැහැර වෙනත් ස්ථානයකට

ගෙන යාමේ හැකියාවද මේ රොබෝවන්ට ඇත.රාජකාරියේදී අවශ්‍ය වන නවීන කැමරා,වැඩිදියුණු කරන ලද සංවේදක ආදී උපාංගයන්ගෙන්ද මෙම රොබෝවන් සමන්විතය.



අදහස් (0)

ඔලිම්පික් උළෙලට රොබෝවරු 500ක්

සරත් Friday, 24 May 2013 12:05 AM

අනේ මේ මොඩ කතා කියන්න නම් එපා. පලමුව, දෙවැනිව තුන්වැනිව එයාලා හිතන්නේ මිනිසුන්ගේ ආරක්ශාව...... (නි)

:       0       0

දාස් Friday, 24 May 2013 08:30 AM

කට කට, වැරදි අදහස් දාන්න එපා.අලි මදිවට කොටි වගේ මෙහෙටත් රෝල්ස් රෝයි මදිවට රෝබෝලවත් ගෙනෙන්න කල්පනාවක් ආවොත් අපිට වහ කන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

කෝලිත Friday, 24 May 2013 09:37 AM

මහා ලොකු වැඩක්ද? ලංකාවේ පාර්ලිමේන්තුවවේ සහ ඉන් පිටත ඔය ඕනෑතරම් ඔය ජාතියේ රොබෝවෝ ඉන්නවනේ.එයාලා එවලා තියෙන්නෙත් ඇමෙරිකාවෙන්ම තමා.එයාලා බටහිරින් කියන ඕනෑම දෙයක් ටක් ගාලා කරනවා. ඔයාලා දැකලා නැද්ද ? (නි)

:       0       0

නීල්-රානා Thursday, 23 May 2013 09:31 PM

ඔව් ඉතින් ඔලිම්පික් උළෙල දෙන්නේ නිකම්ම නෙමෙයිනේ අමෙරිකාවෙන් රොබෝලා එංගලන්තයෙන් රෝල්ස් රොයිස් ගන්න බ්‍රසීලයේ සල්ලි වියදම් කරවන්නත් එපැයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site