
සිරුරේ ප්‍රතිශක්තිය අඩපණ කරන ‘කොවිඩ් 19’ උප ප්‍රභේද දෙකක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විද්‍යාඥයන් මෙම නව ප්‍රභේද නම් කර ඇත්තේ ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ යනුවෙනි.
‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේද සිරුරේ ප්‍රතිශක්තිය අඩපණ කරන බවත්, කොරෝනා එන්නත්වලට පවා ප්‍රතිරෝධයක් දක්වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙන්ව දී ඇත්තේ දකුණු අප්‍රිකාව වයිරස විශේෂඥයන්ය.
‘ඔමික්‍රෝන්’ ප්‍රභේදයට පළමුවෙන් හඳුනා ගනිමින් ඒ බව ලොවට ප්‍රසිද්ධ කළේ ද දකුණු අප්‍රිකා විද්‍යාඥයන්ය. ලොව ප්‍රමුඛ පෙළේ වයිරස පර්යේෂණ ආයතන ඇත්තේ ද දකුණු අප්‍රිකාවේය.
මේ වනවිට දකුණු අප්‍රිකාව පස්වැනි කොරොනා රැල්ලෙන් පීඩා විඳින බව පැවැසෙයි.
පළමු ඔමික්‍රොන් විකෘතිය, ‘බී.ඒ.1’, ‘බී.ඒ.2’ සහ ‘බී.ඒ.3’ ආදී වශයෙන් බෙදී වෙන්වී ගොස් ඇති අතර, මෙම උප ප්‍රභේද තුනට වඩා අලුතින් හඳුනා ගැණුනු ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ උප ප්‍රභේද බිහිසුණු බවත්, එය යළිත් වරක් ලොව පුරා කොරෝනා වසංගත රැල්ලක් ඇති කිරීමට හේතුවක් වීමට ඉඩ ඇති බවත් දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ උප ප්‍රභේද ගැන විමසිල්ලෙන් පසුවන්නේ එබැවිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේද දෙකක් ගැන බියක්
ravin Monday, 02 May 2022 11:33 AM
අපොයි, ඔමික්‍රෝන්/ කෝවිඩ් කියන්නේ සුළු වසංගතයක්. රට වනසන වසංගතයෙන් බේරෙන්න විදිහක් ගැන තමයි මෙරට විශේෂඥයෝ හොයන්නේ. හෙට ජීවත් වුණොත් ඔමික්‍රෝන්වලින් බේරෙන විදිහ හොයාගන්න.