(සුජිත් හේවාජූලිගේ)
ජංගම දුරකතන හා පරිගණක හරහා කෙරෙන ඔන්ලයින් අධ්‍යපනයෙන් තම මුනුපුරු මිනිපිරියන් පීඩාවට පත්ව සිටිතියි මුත්තනුවන් දෙදෙනකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇතැයි එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහත පවසයි.
මේ තත්ත්වය නිසා ඔන් ලයින් අධ්‍යාපනය සීමා කරන්නැයි ද එම දෙදෙනා ඉල්ලීමක් කර තිබෙන බව කී සභාපතිවරය මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් වහම කරුණු සොයා බලා සුදුසු පියවර ගන්නැයි නිලධාරිනට උපදෙස් දුන් බව ද ප්‍රකාශ කළේය.
මේ අතර ඔන්ලයින් අධ්‍යපනය හරහ ජංගම දුරකතනවලට අධික ලෙස අබ්බැහිවීම නිසා දරුවන් විශාල පිරිසක් විවිධ මානසික ප්‍රශ්නවලට ගොදුරුව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද විදානපතිරණ මහත සඳහන් කරයි.
මෙවැනි දරුවන් සම්බන්ධයෙන් විශේෂ උපදේශන මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ද ජාතික ළමාරක්ෂක අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුත්තනුවනි, ගම් පෙරලිය කියවන්න. නැතිනම් ඔබගේ පරපුර වඳවී යාවි...!!!