
(රෝෂන් තුෂාර)
ජනතා මුදල් රුපියල් කෝටි 2000 කට අධික මුදලක් වංචා කර ඇතැයි කියන ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලිසි්යට නියෝග කළේය.
නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඕස්ට්‍රේලියාවේ හා ජෝජියාවේ සිටිනවා යැයි කියන කකබර් අස්ලාන් ඉස්මත්,හා ජනක මංජුල කුමාර සැකකරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තු සහ සම්පත් සඳරුවන්,නිශාන්ත බස්නායක. යන සැකකරුවන්ට වරෙන්තු නිකුත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .
අදාළ රතු වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෙසු සැකකරුවන්ට එරෙහි වරෙන්තු නියෝග ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපළවල් වෙතට යොමු කරන ලෙස අධිකරණ රෙජිස්ටර්වරයාට නියෝග කළේය.
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ සැකකාර අධ්‍යක්ෂකවරුන්ට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප ලැබූ සැකකාර අධ්‍යක්ෂක වරුන්වන අතුල ඉන්දික. , ගයාෂාන් අබේරත්න, සාරංග රන්දික,ධනංජය දයාන්,දිනේෂ් චතුරංග,සමන්ත කුලසිරි හා ඉසුරු පියුමාල් ගයාන් චාමර වික්‍රමතිලක,ප්‍රසන්න මදුරංග,මයුර දිල්ෂාන් සැකකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර අධිකරණයේ පෙනී නොසිට ඕස්ට්‍රේලියාවේ හා ජෝජියාවේ සිටිනවා යැයි කියන කකබර් අස්ලාන් ඉස්මත්,හා ජනක මංජුල කුමාර සැකකරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තු සහ සම්පත් සඳරුවන්,නිශාන්ත බස්නායක. යන සැකකරුවන්ට වරෙන්තු නිකුත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .
2025 නොවැම්බර් මස 21
313
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
339
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1272
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඔන්මැක්ස් ඩී.ටී අධ්‍යක්ෂකවරුන් සිව්දෙනකුට අධිකරණ නියෝගයක්