IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකා ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත ඉදිරියේදී  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත් ඔන්ලයින්  ණය ජාවාරම් වැනි ප්‍රශ්න වලට එම කෙටුම්පතින් සම්පූර්ණ ආවරණයක් ලබාගන්නට නොහැකි බවද සේමසිංහ මහතා කීය.

ඔන්ලයින්  ණය ජාවාරම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මෙය බරපතළ අවදානම් සහගත තත්ත්වයක් බව රජය හඳුනාගෙන තිබෙන්නේ යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

.



අදහස් (5)

ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති

dasun Friday, 12 January 2024 11:19 AM

ඔන්ලයින් ණය දෙන අය ගිනි පොලී කාරයෝ අල්ලන්න අලුත් නීති ගෙන්න ඕන

:       0       10

මොහොට්ටාල Friday, 12 January 2024 11:27 AM

මේක බරපතළ තත්වයක් නම් නොපමාව රූපවාහිනී මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්න එහි බරපතළ කම පහදා දෙන්න ඒවා මර්ධනය සදහා නීති හදනවා නම් වර්තමානයේ මුදල් සදහා ප්‍රමාණවත් දඩයක් හා වාර්ෂිකව 10% ක් වත් වැඩිවෙන ආකාරයට දඩ මුදල් නියම කරන්න බලන්න අතීතයේ අනුමත කල දඩ මුදල් ඉතාමත් අඩුනිසා මිනිස්සු බයක් නැතුව වංචා දූෂණ හා හොරවැඩ බොහෝ කරනවා

:       0       8

Rohana Friday, 12 January 2024 12:25 PM

ඔන්ලයින් ණයදී පාරිභෝගිකයින්ට යනඑන මං නැතිකරන ජාවාරම්කරවන්ට තහනම් නීති පැනවීමේ කාලය එලඹඇත.

:       0       6

de silva Friday, 12 January 2024 12:59 PM

අපේ ගමේ සිටින ඩේලිපේමන්ට් කාරයෝ, සියලු දෙනාම පොහොට්ටුවට සම්බන්ධ මිනිස්සු, ආණ්ඩුව බරපතල තත්වය හඳුනා ගත්තත් ක්‍රියාත්මක නොවෙන්නේ මේ නිසා...

:       1       3

Kazi Shajahan Friday, 12 January 2024 03:16 PM

අද රෑ ඉඳන් බැරිද? මොකද හැම දේකටම කරන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිටනේ...! 

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site