IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඔන්න, අවුරුදු 13 කට පසුව ඩිලානි ලංකාවට

 

  1-(6)  

විවිධාංග චරිත රංගනයෙන් සිනමාව, රූපවාහිනිය මෙන්ම වේදිකාව හැඩ කළ ප‍්‍රවීන රංග ශිල්පිනී ඩිලානි අබේවර්ධන වසර දහතුනක් තිස්සේම ලංකාවේ සිටියේ නැහැ. සැමියා සමන් සහ දියණිය මෙන්ම පුතු සමග ඇය පදිංචිව සිටින්නේ ඇමරිකාවේයි. අවුරුදු 13 කට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගිය ඩිලානි හිටි හැටියේම ලංකාවට ඒමට තීරණය කරලා. ඇයි ඇය මේ විදියට හිටි හැටියේම ලංකාවට එන්නේ? මේ ඩිලානි සඳැල්ලට ඒ ගැන කියු විදියයි. 

 

 

 

  •  ඩිලානි කොහොමද ජීවිතේ

ජීවිතය හොඳින් ගෙවිලා යනවා.

 

 

  •  කොහොම ද හොඳින් ගෙවෙන්නෙ?

ලංකාව එක්ක සසඳද්දී නම් ඇමරිකාවේ ගෙවෙන ජීවිතය හරිම කාර්ය බහුලයි. එහි තත්ත්පරයක්වත් නිකරුනේ ඉන්න බැහැ. නමුත් පවුලක් හැටියට එකට සිටිමින් මාත් සමනුත් රැුකියා කරමින්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් සොයා බලමින් ගෙවෙන කාලය ගැන සතුටුයි.

 

1-(1)

 

 

 

 

  •  ඇයි පසුගිය අවුරුදු 13 ටම ලංකාවට ආවේ නැත්තෙ?

එහෙට ගියාට පස්සෙ එක්කෝ එහේ ඉන්න  ඕනෑ. නැත්නම් ලංකාවෙ ඉන්න  ඕනෑ. ඇමරිකාවේ එක පාදයක්, ලංකාවේ අනෙක් පාදය තියාගෙන ඉන්න බැහැ. ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරමින්, එයාලා වර්ධනය වෙන හැටි දකිමින් ගෙවන ජීවිතය ගැන හිතුවා. අනෙක ලංකාවේ දි අපට රංගනය සඳහා නිවාඩු අරගෙන අපට අවකාශය සළසා ගන්න පුළුවනි. එහිදි රැුකියාව එක්ක සෙල්ලම් බැහැ. අනෙක දවසකට x දෙකකට ලංකාවට එන්නත් බැහැනෙ. නිවාඩු ගන්න අමාරුයි. ඒ වගේම මම කවදත් ජීවිතයේ පියවරක් ඉස්සරහට තැබීම මිසක පස්සට ගියේ නැහැ. 

 

 

  •  මොකක්ද ඔබ එහි කරන රැකියාව?

රූපලාවන්‍ය උපදේශකවරියක ලෙස කටයුතු කරනවා.

 

1-(5)

 

 

 

  •  එය ලෝ ප‍්‍රකට රූපලාවන්‍ය නිෂ්පාදන බෙදා හරින ආයතනයක් නේද?

සෙපෝරා ආයතනය ලෝ පුරා ශාඛා ඇති ප‍්‍රකට - ආයතනයක්. මම එහි රූපලාවන්‍ය උපදේශකවරියකට අමතරව, වේෂ නිරූපණ ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා. 

 

 

  •  ඔබ වෙසෙන්නේ නිව්යෝර්ක් නගරයේයි. නිව්යෝර්ක් නගරය ගැන කොහොමද හිතෙන්නෙ?

සාමාන්‍ය ලෝකයේ බොහෝ දෙනා නිව්යෝර්ක් හඳුන් වන්නේ ‘‘නොනිදන නගරය’’ ලෙසයි. විශේෂයෙන්ම අපි ඒ නගරය තෝරා ගන්නේ ලංකාවේ ඇති සියලූ දේ එහිදී දැකගත හැකි නිසයි. පන්සල්, යාළුවෝ, තවත් ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලංකාවේ ආහාරපාන ආදී මේ සියලූ දේ හරි සමීපයි. එතැනින් එහාට එක් - එක් ප‍්‍රාන්තවලට සංචාරය කළාම එකිනෙකට හරිම වෙනස්. පාරිසරික සහ කාලගුණික අත්දැකීම් පවා වෙනස්. නිවාඩුවක් ලද විගස අපි ඒ ඒ පළාත්වල සංචාරය කරනවා.

1-(7)

 

 

 

  •  සැමියා, දියණිය සහ පුතුගේ කටයුතු ගැන කිව්වොත්?

සැමියා නගරයේ ප‍්‍රධාන අවන්හලක රැුකියාව කරනවා. පුතාගෙ වයස අවුරුදු 10 යි. දියණිය සරසවි අධ්‍යාපනය ලබනවා. ඇය රඟපෑමටත් හරි ආසයි.

 

 

  •  ඇයි හිටි හැටියේම ඩිලානි ලංකාවට එන්නෙ?

ප‍්‍රධාන හේතු දෙකක් නිසයි. පසුගිය කාලයේදී මගෙ අම්මා අසනීප වුණා. මම අම්මාව එහි ගෙන්වා ගන්නත් උත්සාහ කළා. ඒත් අසනීප තත්ත්වය නිසා බැරි වුණා. ඉතින් අම්මාව දැක බලා ගැනීම ලොකුම ආසාවයි. ඊළඟ හේතුව වන්නේ දියණිය රඟපෑ ලාල් වීරසිංහගේ ‘‘සිංගා මචං චාලී’’ චිත‍්‍රපටයේ තිරගත වීම් දෙසැම්බර් 30 සිට ඇරඹෙන නිසායි. එහි ප‍්‍රිමියර් එකට සහභාගී වෙන්න  ඕනෑ.

 

1-(8)

 

 

 

  •  මේ ආගමනේ දී ඔබ රඟපෑමට සම්බන්ධ වෙනවද?

සුනිල් ටී. ප‍්‍රනාන්දු මහතාගෙන් ආරාධනා ලැබුණා. නමුත් මෙවර මෙහි රැඳී සිටින්නේ සති තුනයි. නැවත නිවාඩුවක් ලබාගෙන ඇවිත් එහි රඟපෑමට අදහස් කරනවා.

 

 

  •  ලංකාවෙන් දුරස්ව සිටි පසුගිය කාලය ඔබට දැණුනේ කොහොමද?

ඇත්තටම කාලය ගෙවී ගියේ හරි ඉක්මනට. ඒක වෙලාවකට හිතා ගන්නවත් බැහැ. කලාවෙන් ඉවත්ව සිටීම එක පැත්තකින් වේදනාකාරීයි. නමුත් දරුවන්ගෙ දියුණුව ගැන බලා ගොඩාක් සතුටු වෙනවා. 

 

 

  •  ඔබගේ ආදරණීය රසිකයන්ට මොනවද කියන්න තියෙන්නෙ?

ෆේස්බුක් හරහා විශාල රසික පිරිසක් සිටිනවා. ඒ නිසා මගේ ජනප‍්‍රියත්වය පොඞ්ඩක්වත් අඩුවෙලා නැහැ. මා සේවය කරන රූපලාවන්‍ය ආයතනයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් පවා මා එක්ක කතා බහ කරනවා. ඉතින් මගේ ආදරය එයාලට පිරිනමන්න කැමතියි.

sandun-01



අදහස් (0)

ඔන්න, අවුරුදු 13 කට පසුව ඩිලානි ලංකාවට

ආරියසේන Thursday, 17 December 2015 09:47 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

සංජීව Thursday, 17 December 2015 10:37 PM

ඉන්දික, රැකියාව එක සෙල්ලම් බැහැ, නිවාඩු ගන්න අමාරුයි කියන්නේ රොබෝලා වගේ වැඩ කරනවා කියන එකම නෙමෙයි. දියුණු රටවල ලංකාවේ වගේ ඕනෑ ඕනෑ වෙලාවට නිවාඩු ගන්න බැහැ. රැකියාවට මුල්තැන දෙන්න ඕනෑ. ඒ කියන්නේ වැඩ කරන වෙලාවේ වැඩ කරන්න ඕනෑ. හවස 5 ට ගෙදර යන්න පුළුවන්. කවුරුවත් 5 ට ගෙදර යන මිනිහා දිහා අමුතු විදිහට බලන්නේ නැහැ. මේ රටවල මිනිස්සු වෙලාවට වැඩට ඇවිල්ලා වෙලාවට ගෙදර ගිහින් ලංකාවට වඩා ජීවිත නිදහසින් ගෙවනවා. හැමෝටම එහෙම කරන්න බැහැ තමයි. මොකද සමහරු රැකියා දෙක තුන කරනවා. ඒ අයට නම් කිසිම නිදහසක් නැහැ. (නි)

:       0       0

තාරා Wednesday, 30 December 2015 07:42 AM

ලංකාවට නාවට කමක් නැහැ. ඔහෙටම වෙලා හිටියා නම් තමයි හොඳ (නි)

:       0       0

ආශා Saturday, 19 December 2015 01:52 AM

හැම කෙනෙකුට වාර්ෂික නිවාඩු තිබෙනවානේ සති හතරක් වසරකට. සල්ලි පස්සෙම දුවන එක නෙමෙයි මේ රටවල කරන්නේ. විනෝද වෙනවා. (නි)

:       0       0

පේදුරු Friday, 18 December 2015 12:59 AM

ලංකාවේ වගේ ඕපාදුප කියව කියවා අනිත් මිනිස්සු කරන්නේ මොනවද කියලා හොය හොයා ඉන්න වෙලාවක් නැහැ මේ රටවල. ලංකාවේ මිනිස්සු අනුන්ගේ හොඳක් දකින්න දන්නෙම නැති ජාතියක් වෙලා. යමක් අගය කරන්න ඉගෙනගත්තොත් නරකද? (නි)

:       0       0

ටෙනිසන් Saturday, 19 December 2015 03:26 AM

සුබ පැතුම්! (නි)

:       0       0

කමනි Monday, 04 January 2016 03:21 AM

ලංකාවට පැමිණ දේශපාලනයට එන්න. රටේ අනාගතය බාරගන්න. නෙලුම් මලක් මෙන් පිවිතුරු ඔබ රටේ අනාගතයයි. (ස)

:       0       0

අශෝක ‍ Monday, 28 December 2015 06:20 AM

ඒ ගොල්ලෝ එහෙ ඉඳගෙන දුකෙන් සැප විඳිනවා. අපි මෙහෙ ඉඳගෙන සැපෙන් දුක් විඳිනවා. මේ තරම් ලස්සන, මේ තරම් නිදහස් රටක් ලෝකේ කොහෙවත් නැහැ. (නි)

:       0       0

නිමල්රජපක්ෂ Friday, 25 December 2015 09:53 AM

සත්ත්‍යපාල ගල්කැටිය ,මහතාණනි, ඔබට අන් අයගේ දැනුම ගැන කතා කිරීමට ඔබට බැහැ, ඔහුගේ දැනුමේ හැටියට එයා ලියන්නේ ,ඔබට තරම් දක්ෂ නොවන බව ඇත්ත , (අ)

:       0       0

ඉන්දික Thursday, 17 December 2015 01:38 PM

රැකියාව එක්ක සෙල්ලම් බැහැ. නිවාඩු ගන්න අමාරුයි. මේ මොනවා පස්සෙද දුවන්නේ ? මොනවාද අන්තිමට ජිවිතයට ඉතුරු වෙන්නේ ? කිසිම තේරුමක් නැති එදිනෙද කාල ඇදල ඉන්න ඉඩ දෙන ආර්ථිකය යාන්ත්‍රණයට මිනිස්සු වහල්ලු වෙලා. එත් මිනිස්සු හිතනවා දැන් හරි දියුණුයි කියල. කලි යුගයේ හැටි. (අ)

:       0       0

රම්‍යලතා Thursday, 07 January 2016 07:49 PM

ඉන්දික ගෙදරට වෙලා පිනට බඩ කට පුරවාගන්න නිසා ඕවා තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

පියුමි Friday, 18 December 2015 02:31 PM

ඔබේ ඉදිරි ගමනට ආසිරි අපෙන්! (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Friday, 18 December 2015 03:20 PM

එන්නේ කොහොමද ලංකාවට? අපි දන්නවා හැමදේම (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Friday, 18 December 2015 03:23 PM

මේ ලෝකේ අය කොහේ හිටියත් නිවාඩුවට ලංකාවට එන බව අපි දන්නවා (නි)

:       0       0

රාහුල Friday, 18 December 2015 07:55 AM

දෙවෙනි පින්තුරෙ සෙට් එක අමුතුයි වගේ නේද ? (බ)

:       0       0

අමල් Monday, 28 December 2015 09:58 AM

ඔබලාට මාගේ සුබපැතුම්.! (ර)

:       0       0

සත්‍යපාල Friday, 25 December 2015 03:35 AM

ඉන්දික බටකට පුරා අහගත්තා නේද ? රට ඇවිත් මිනිස්සු මහන්සිවෙලා වැඩකරලා ලංකාවේ තම පවුල්වල අය කීදෙනෙකුට උදවුකරලා පරම්පරාවක් ගොඩදාල තිබෙන අය කොතරම් ඉන්නවද කියල දන්නවද. රටේ ආර්ථිකයට එය කොතරම් හොඳක් කරලා කියල දන්නවද ? දන්නා දෙයටයි නොදන්නා දෙයටයි ඔහේ මොනවහරි ලියන්නේ නැතුව ඔලුවෙන් හිතල ඉන්පසු එලියට දාන්න. නැත්නම් නොදන්නාකම ලෝකෙටම පෙනෙනවා. "නිහඩව ඉන්නා තාක්කල් මෝඩයාද පණ්ඩිතයෙකි" කියනවනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site