IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඔටෝ මොබයිල් සංගමයට අතුරු කමිටුවක්

මෝටර් රථ සහ යතුරු පැදි තරග සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ජාතික පාලක මණ්ඩලය වන ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමයට නව අතුරු පාලක කමිටුවක් පත්කිරීමට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමයේ මෙවර නිලවරණය පවැත්වීමේදී 1973 අංක 25 දරන කී‍්‍රඩා පනතේ, 2013 අංක 01 දරන කී‍්‍රඩා රෙගුලාසි සහ අංක 45 උප වගන්ති 01 හා 02 උල්ලංඝණය වී ඇති බැවින් එම නිලවරණය අවලංගු කර එ වෙනුවෙට මෙම අතුරු පාලක කමිටුව පිහිටුවා තිබෙන බව කී‍්‍රඩා අමාත්‍යංශ නිවේදනයක සඳහන්වේ.

අතුරු කමිටුව සමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විතය.

අතුරු කමිටුවේ සාමාජිකයෝ
නවාස් පවුසි (සභාපති), චූලා රත්වත්ත (ලේකම්), පුබුදු වික‍්‍රම, සුරේන් කුක් සහ ඒ. ඒ. ජයතිස්ස යන මහත්වරු.

(*)



අදහස් (0)

ඔටෝ මොබයිල් සංගමයට අතුරු කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site