(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඒ.ටි.එම් මැෂින්වලින් මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලට අනුව මීගහතැන්න පොලිස් ස්ථානයේ පාලන අංශ ස්ථානාධිපති වරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .
හික්කඩුව,බද්දේගම,ගාල්ල සහ කරාපිටිය ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු කිහිපයකින් එහි පද්ධතිය හැක්කර විදේශිකයන් දෙදෙනකු විශාල වශයෙන් මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී සැකකාර ස්ථානාධිපති වරයා ඊට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වේ.
අදාල පොලිස් පරීක්ෂකවරයා පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් කීය.
සැකකාර ස්ථානාධිපතිවරයාට අයත් මෝටර් රථයෙන් මුදල් සොරකම් කර ඇති ස්ථානවලට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
204
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒ.ටී.එම් වංචාවකට පොලිස් ලොක්කෙක් අල්ලයි
Perera Monday, 09 January 2023 04:53 PM
පගාමරුවෝ දැන් උසස් මට්ටමේ වංචාවලට බැහැලා. මොවුන්ව අල්ලන්න වෙනම රටක පොලිසියක් ගෙන්නන්න වෙයි.
ravin Monday, 09 January 2023 06:32 PM
එකෙක් ගංජා බිස්නයි. අනිකෙක් හොරකමේ. නරකමත් නැහැ නේද?