ඇඹිලිපිටිය සාදයකදී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ කැදවිම් අනුව පොලිසියේ හයදෙනෙක් අද (21) එම කොමිසමට පැමිණියහ.
ප්‍රකාශ ලබා ගැනීමට එන ලෙස කොමිසන් සභාව පොලිසියේ නව දෙනෙකුට ලිඛිතව දැනුම්දී තිබුණි.
සහකාර පොලිස් අධිකාරී දමින්ද ධර්මරත්න මහතා උසාවි කටයුත්තක් නිසා කොමිසමට පැමිණිමට නොහැකි බව දන්වා එවා තිබුණි. අසනීප තත්ත්වයක් නිසා කොමිසමට පැමිණිය නොහැකි බව හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක දන්වා තිබිණි.
අද (21) ප්‍රකාශ ලබාගත් පොලිසියේ කිහිපදෙනෙකුගෙන් තව දුරටත් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව මානව හිමිකම් කොමිසම කියයි.
එම නිලධාරින් හා සෙසු පොලිස් නිලධාරින් ලබන සතියේ මානව හිමිකම් කොමිසමට කැඳවන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒ.එස්.පීට නඩුවක්ලු : ඕ.අයි.සීට ලෙඩලු
නුවන් Friday, 22 January 2016 07:25 AM
දැන් ඉතින් සොරිම තමයි.(හේ)
භද්‍රානි Friday, 22 January 2016 01:56 PM
සිද්ධිය කුමක් උවත්, මිනි මරලා තියෙන්නේ පොලිසියයි. ඉක්මනින්ම ඒ මිනි මරුවන්ට දඬුවම් දෙන්න කියලා අපි නිතියෙනුත්, දෙවියන්ගෙනුත් අයද සිටිනවා! (අ)
සුමිත් Friday, 22 January 2016 03:33 AM
චණ්ඩි මොකද ඉක්මනට ලෙඩවෙන්නේ? දෙවියෝ අර අහිංසක අම්මාගේ මුහුණ බලලා වගේ (නි)
සෑම් Friday, 22 January 2016 04:23 AM
සාමාන්‍යයෙන් උසාවි යන්නේ කෝට් සාජන් . බැරිම වෙලාවක ලොකු කේස් එකෙක් නම් එස් අයි කෙනෙක් යනවා . අපි කලබොල නොවී බලා ඉමු . මේ උසාවි ගමන මෙයාගේ අවසාන උසාවි ගමන නොවෙයි. නමුත් පැමිණිලිකරු හැටියට යන අවසාන එක වෙන්න බොහෝදුරට ඉඩ තියනවා .(අ)
බුද්ධික Friday, 22 January 2016 09:11 AM
පොලීසිය කරන වැරදි සොයන්න පගා ගැන නැති විශේෂ කමිටුවක් තියෙන්න ඕන...මේකෙදි පොලීසිය තනිකරම වැරදි,,,,ඔය මේකට මුලිම්ම ගිය 6 දෙනාම සේවයෙන් දොට්ට දන්නා ඕන,,,,(හේ)
ඉරේෂ් එස් කුමාර Friday, 22 January 2016 05:21 AM
උදුල්ට ජයවේවා! (නි)
වෙදගේ Friday, 22 January 2016 06:56 AM
ස්වභාව ධර්මයෙන් ගැළවීමට නොහැකි බව සිහි තබාගැනීම හොඳයි. (නි)
මනෝජ් Friday, 22 January 2016 12:34 AM
යුද්ධය අවසන්කළ වහාම තිබුන පළමු කාර්යය පොලිසිය ප්‍රතිසංස්කරණය කිරීමයි. නමුත් ඒක කළේ නැති එකේ විපාක තමයි මේවා. මේකට තිබෙන එකම විසඳුම තමයි ප්‍රජා පොලිස් ක්‍රමවේදය. (නි)
නාමල් Friday, 22 January 2016 01:49 AM
ඒක පුදුමාකාර ලෙඩක්නේ! (නි)
ශිරන්ති Friday, 22 January 2016 02:03 AM
තවත් සුරතල් කර කර ඉන්නේ මොකටද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
කල්පගේ Friday, 22 January 2016 07:24 AM
මේ පොලීසිය මකලා නැවත නිර්මාණය කරන්න ඕන. නරක නිලධාරීන් අයින් කළ යුතුය.(හේ)