IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එ.ජා සංවර්ධන වැඩසටහනේ ලංකා නියෝජිත කථානායක හමුවෙයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එළි දැක්වෙන 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාව මෙහිදී කථානායකවරයාට පිළිගැන්වීය.

"කෘතීම බුද්ධිමය (Artificial Intelligence/ AI) යුගයේ මිනිසුන් සහ හැකියාවන්" යන්න මෙවර මානව සංවර්ධන වාර්තාවේ මූලික තේමාව වන අතර, ඒ ඔස්සේ කෘතිම බුද්ධිය නිවැරැදිව භාවිත විය යුතු ආකාරය පිළිබඳව මෙම වාර්තාවේ සාකච්ඡා කර තිබේ.

ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් සදහා පාර්ලිමේන්තු අධ්‍යයන සහ පුහුණු පර්යේෂණ ආයතනයක් පාර්ලිමේන්තුව මගින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව   කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී  සඳහන් කළේය.

මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතාද එක්ව සිටියේය.



අදහස් (0)

එ.ජා සංවර්ධන වැඩසටහනේ ලංකා නියෝජිත කථානායක හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site