IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


එ.ජා සංවර්ධන වැඩසටහනේ ලංකා නියෝජිත කථානායක හමුවෙයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එළි දැක්වෙන 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාව මෙහිදී කථානායකවරයාට පිළිගැන්වීය.

"කෘතීම බුද්ධිමය (Artificial Intelligence/ AI) යුගයේ මිනිසුන් සහ හැකියාවන්" යන්න මෙවර මානව සංවර්ධන වාර්තාවේ මූලික තේමාව වන අතර, ඒ ඔස්සේ කෘතිම බුද්ධිය නිවැරැදිව භාවිත විය යුතු ආකාරය පිළිබඳව මෙම වාර්තාවේ සාකච්ඡා කර තිබේ.

ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් සදහා පාර්ලිමේන්තු අධ්‍යයන සහ පුහුණු පර්යේෂණ ආයතනයක් පාර්ලිමේන්තුව මගින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව   කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී  සඳහන් කළේය.

මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතාද එක්ව සිටියේය.



අදහස් (0)

එ.ජා සංවර්ධන වැඩසටහනේ ලංකා නියෝජිත කථානායක හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 93 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2232 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 692 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site