අන්තර් සමාජ ”හොල්සිම්” එෆ්.ඒ. කුසලාන තරගාවලිය ආරම්භයේදීම වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ තරග 35ක් කල් දැමීමට සිදුව තිබේ. තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය පසුගිය සෙනසුරාදා (21) ආරම්භ වුවත් වර්ෂාව නිසා පැවැත්වීමට සිදුවූයේ තරග 59 කින් 24 ක් පමණි. මෙම තරග අතුරින් නිතරග ජයග‍්‍රහන දෙකක්ද වාර්තා විය. යෝත් පිල නොපැමිණීමෙන් පොල්ගස් ඕවිට මත්තේගොඩ ක‍්‍රීඩා සමාජ පිලටද, නාවලපිටිය යංග්ස්, මේරියන්ස් පිල නොපැමිණීමෙන් කඳාන යංග්ස්ටර්ස් පිලටද නිතරග ජයග‍්‍රාහන හිමි විය. කෙසේ වුවත් ක‍්‍රීඩාතරගයට නොපැමිණි යෝත් පිලට හා යංග් මේරියන්ස් පිලට එරෙහිව විනයානුකුලව කටයුතු කරන බව පාපන්දු සම්මේලනය පවසයි. සාධාරණ හේතු නොමැතිව සහභාගි නොවන කණ්ඩායම් පාපන්දු සම්මේලනයේ තරග කමිටුව හමුවට කැඳවා පරීක්ෂණයික්න පසු ඔවුන්ට එරෙහිව තරග තහනමක් පැනවෙන බව පාපන්දු සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂ රුක්මල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. ඔහු වැඩිදුරටත් පැවැසුවේ වැස්ස නිසා කල් දැමූ ඇතැම් තරග මේ සති අන්තයේදී පැවැත්වීමත් සැක සහිත බවයි. එෆ්.ඒ. කුසලාන තරග මාලාවේ දැන් පැවැත්වේනනේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියයි. තරගාවලියේ පළමු වටය මැයි 26 වැනිදා සිට පැවැත්වීමට නියමතිය. පළමු වතාවට යාපනය පාපන්දු ලීගයෙන්ද මෙවර කණ්ඩායමක් (යාපනය සිහින් ෆිෂ්) ඉදිරිපත් කර සිටියි. තරග ප‍්‍රතිඵල යංග් සිල්වර් පිල විසින් චන්මිල් පිල පරාජය කරන ලදී (දඬුවම් පහර 6-5) තන්ඩර්ස් පිල විසින් එවරෙඩි පිල පරාජය කරන ලදී (6-1) මොරගස්මුල්ල පිල විසින් ජුපිටර්ස් පිල පරාජය කරන ලදී (4-0) සරසවි පිල විසින් ෆෝචූන් පිල පරාජය කරන ලදී (2-1) තන්ඩර්ස් පිල විසින් රෙඞ්රෝස් පිල පරාජය කරන ලදී (1-0) මෙරූන් පිල විසින් බෝලවත්ත පිල පරාජය කරන ලදී (5-1) යෝක් පිලට එරෙහිව මත්තෙගොඩ පිලට නිතරග ජයක් යංග් මේරියන්ස් පිලට එරෙහිව යන්ග්ස්ටාර්ස් පිලට එරෙහිව නිතරග ජයක්බඩෝවිට පිල විසින් දර්ගා නගර පිල පරාජය කරන ලදී (1-0) ආදි පීතර පිල විසින් නිව්යංග්ස් පිල පරාජය කරන ලදී (5-1) ෆ්ලයින් ඇරෝස් පිල විසින් ග‍්‍රීන් ලයින් පිල පරාජය කරන ලදී (5-0) සාවියා පිල විසින් ඕල්ඞ් හින්දුන් පිල පරාජය කරන ලදී (6-5) ගේ‍්‍රට් ස්ටාර් පිල විසින් අලූත්ගම නගර සභා පිල පරාජය කරන ලදී (4-0) තිහාරිය යුත් පිල විසින් ලිවර්පූල් පිල පරාජය කරන ලදී (4-0) ඊ.පී. ඉසෙඞ් පිල විසින් කැන්ඩි යෝක් පිල පරාජය කරන ලදී (2-1) ක‍්‍රිස්ටල් පර්ල් විසින් බොස්කෝනියන් පිල පරාජය කරන ලදී (6-0) රිනවුන් පිල විසින් කැම?න් පිල පරාජය කරන ලදී (3-0) යංග් බර්ඞ්ස් පිල විසින් හයිලයින් පිල පරාජය කරන ලදී (1-0) රිබේල්ස් පිල විසින් නේසබි ලේක් පිල පරාජය කරන ලදි ඩයමන්ඞ් පිල විසින් ශාන්ත අන්තෝනි පිල පරාජය කරන ලදී (6-4) අම්පාර ඔලිම්පික් පිල විසින් ත‍්‍රිකුණාමලය ඔලිම්පික් පිල පරාජය කරන ලදී (1-0) බි‍්‍රලියන්ට් පිල විසින් බදුල්ල සිටි පිල පරාජය කරන ලදී (4-0) වරාය අධිකාරි පිල විසින් අල් හිජ්රා පිල පරාජය කරන ලදී (5-1) නැෂනල් යූනියන් පිල විසින් බ්ලූස්ටාර් පිල පරාජය කරන ලදී (2-1)
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය