කුලියාපිටිය රෝහලේ භෝජනාගාරයේ රෝහල් සේවක වැඩ පාලකවරිය මිලට ගත් එළවළු රොටියක දතක් සොයා ගැනීමෙන් පසුව එම රොටිය හැදු බේකරියෙන් කෑම සැපයුම් අත්හිටුවා ඇත. එහෙත් නීතීමය කටයුතු අරඹා නැතැයි රෝහල් සේවකයෝ කනස්සල්ල පළ කරති.
කුලියාපිටිය නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් ජී කේ රත්නසිරි මහතා පැවසුයේ බේකරි හිමියාගෙන්ද ප්‍රශ්න කර ඇති හෙයින් ඉදිරි කටයුතු ඒ අනුව සිදු වන බවයි.
2025 දෙසැම්බර් මස 18
553
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළවළු රොටියේ දතට තාම නඩු නෑ
සරා Wednesday, 14 August 2013 07:35 PM
දත රත්තරන් උනානම් සද්දේ වහල කනවා. (අ)
ආලෝකා Thursday, 15 August 2013 12:01 PM
දත් නැති අය වැඩට ගන්න.එතකොට හරිනේ.(ස)
නීල් Thursday, 15 August 2013 12:01 PM
දත ඉන්දියාවෙන් ගෙනාපු එකක් වුනානම්, දතට අපහාසයක් සිදුවුනා කියල අනිවාර්යයෙන්ම නඩුවක් දානවාමයි. (ස)
චමත් Wednesday, 14 August 2013 11:06 PM
එයාගෙම දතද දන්නේ නෑ! (අ)
ලලිත් Wednesday, 14 August 2013 11:13 PM
ඔය රෝහල්වල ශල්‍යාගාර වලින් එන රෝගීන්ගේ බඩවල්වල කතුරු, පුළුන් ගුලි එහෙමත් තියෙන්නේ. ඔව්ව ගනන්ගන්න එපා නෝනේ, දතක් උනත් කැල්සියම් නේ. අස්ථි වර්දනයට අත්‍යවශ්‍ය දෙයක්. (අ)
ආරියදාස uluwatte Thursday, 15 August 2013 02:15 PM
කැල්සියම් එකතු කරන්න වෙන්න ඇති. එත් අපරාදේ දත. (ස)
උපාලි Thursday, 15 August 2013 03:53 AM
සරා, ඒක නම් ඇත්ත. ඒත් ඉතින් එච්චර වටිනා දතක් තියෙන කෙනෙක් මේ රොටී බේකරියට එයි කියල හිතන්න අමාරුයි. 'චීන' බේකරියක් වුනා නම් සමහරවිට වෙන්න පුළුවන්. (නදී)
සමන් කුමාර Thursday, 15 August 2013 06:37 AM
පිරිසිදුකමක මහත. චණ්ඩියෙක්ගේ හෝටලයක් වෙන්න ඇති (නි)
කුමාර Thursday, 15 August 2013 06:49 AM
හෝටල් වල ඉන්න අය පරීක්ෂා කරන්න එන අයට මොනවාහරි දීලා මිනිසුන්ට ජරාව කවන්න තමයි හදන්නේ. (නි)
සමන් කුමාර Thursday, 15 August 2013 06:49 AM
අපේ රටේ හොටෙල් වල ප්‍රමිතිය නම් දැන් අන්තිමයි (නි)
නිල්මිණි Wednesday, 14 August 2013 05:07 PM
අයියෝ! රොටියට විතරනේ සල්ලි ගත්තේ,ඕක කාලා දාන්න. දත දීලා තියෙන්නේ නොමිලෙනේ (නි)
කැනඩා දිසා Thursday, 15 August 2013 08:11 AM
මේක ෂුවර් සැළසුමක්. (නි)
දන් Thursday, 15 August 2013 08:36 AM
කාපු එක්කෙනාගේ දත් ඔක්කොම තියනවා නේද??? (දී)
සෙනරත් Wednesday, 14 August 2013 06:22 PM
දතෙහි අයිතිකරු සොයා ගන්නා තෙක් ප්‍රමාද විය හැකිය. (අ)
රත්නායක ආරච්චිගේ Wednesday, 14 August 2013 06:45 PM
බේකරියේ අයිතිකරු පලා බබෙක් වෙන්න ඇති,(නදී)
චන්දි Thursday, 15 August 2013 10:16 AM
සරා කියපුදේට මමත් එකඟ වෙනවා ,දැන් කෑම සපයන එක නැවත්තුවනේ.තවත් ඉතින් මොන නඩුද ...? (ස)
සරත් Thursday, 15 August 2013 10:38 AM
අපරාදේ දත පිටි වෙලා නැහැ. (ස)
රනින්දුව Wednesday, 14 August 2013 07:21 PM
කොහොමද අදහස් පලකරන්නේ ප්ලැටිනම් එකට යටවෙලා.(නදී)
රන්දුව Wednesday, 14 August 2013 07:22 PM
මේ අයියේ අදහස් "ඇතුලත් කරන්න බැහැ ප්ලැටිනම් ඇඩ් එකට එකට යට වෙලා නෙ. කොහොමද ගොඩ ගන්නේ .(නදී)