IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


එළවළු පැළත් ගණන් උස්සයි

(ඩයනා උදයංගනී)

වගා කිරීම සඳහා අවශ්‍ය එළවළු හා මිරිස් ආදී පැලවල මිල ගණන් ද මේ වන විට ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන් කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශයන්හි මිරිස්, කොච්චි, තක්කාලි, ගෝවා, බටු ආදී පැලයක් රුපියල් 50ත් 100ත් අතර මිලකට ඉහළ ගොස් ඇත.

කොළඹ නගරයේ එළවළු පැල අලෙවි කරන ස්ථානයක මිරිස්, මාළු මිරිස්, වැරණිය මිරිස් වැනි පැලයක මිල රුපියල් 100ක් වන අතර, තක්කාලි පැලයක මිල රුපියල් 75ක් සහ කොල ගෝවා පැලයක මිල රුපියල් 80ක් විය.

ගම්පහ නගරයේ ද එළවළු පැල අලෙවි වන්නේ පැලයක් රුපියල් 60ක පමණ මිලකටය. බොරලැස්ගමුව ප්‍රදේශයේ පැල අලෙවිසැලක මිරිස්, තක්කාලි, මෑ, වම්බටු ආදී පැලයක් අලෙවි කරන්නේ රුපියල් 50ක මිලටය.

පිළියන්දල ප්‍රදේශයේ පැල තවානක කරපිංචා පැලයක් රුපියල් 150ක්, අතුගෝවා, චෙරි තක්කාලි ආදී පැලයක් රුපියල් 100ක්, ඩුබායි වට්ටක්කා පැලයක් රුපියල් 60ක්, කරවිල, මෑ, මාලුමිරිස්, දඹල, වම්බටු පැලයක් රුපියල් 45ක් සහ මිරිස් පැලයක් රුපියල් 40 ක් යන මිල ගණන්වලට අලෙවි කෙරේ.

කෑගල්ලේ පැල තවානකින් අප කළ විමසීමකදී පැවසුවේ මෙම පැලයක් අලෙවි කරන්නේ රුපියල් 35ක මිලකට බවයි.

මේ දිනවල නගරබද පදිංචි පිරිස් ද තම නිවෙස්වල පවතින ඉඩෙහි හෝ වගා කටයුතුවලට යොමුවීම හේතුවෙන් පැල වර්ගවල ඉල්ලුම ඉහළයාමෙන් මෙම තත්වය ඇතිව තිබෙන බව පැල තවාන්කරුවෝ පවසති.

නගරයෙන් බැහැරව වගා කටයුතු බහුලව සිදුකෙරෙන ප්‍රදේශවල එළවළු පැල වර්ගවල මිල තරමක් අඩු වන අතර, කුරුණෑගල, කොබෙයිගනේ සහ වත්තල ප්‍රදේශයේ පැල තවාන් දෙකකින් අප කළ විමසීමේදී ඔවුන් පැවසුවේ තමන් පැලයක් රුපියල් 10ත් 25ත් අතර මිල ගණන්වලට අලෙවි කරන බවයි.

කොබෙයිගනේ පිහිටි පැල තවානේ එළවළු පැලයක් රුපියල් 12ත් 22ත් අතර මිල ගණන්වලට අලෙවි කෙරෙන අතර, වත්තල පැල තවානේ පැල 10ක මිල රුපියල් 150කි.

වෙනදා රුපියල් 50 ක පමණ මිලකට මිරිස්, එළවළු පැල 10ක, 15ක පමණ එකතුවක් මිලට ගත හැකි වූ අතර, මේ වන විට පැලයක් මිලදී ගැනීමට රුපියල් 100ක් පමණ අවශ්‍ය වී ඇති බව ගෙවතුවල වගාකරගැනීම සඳහා පැල මිලදී ගන්නා පිරිස් පවසති.

ඇතැම් පැල සිටුවීමෙන් පසු මියයන නිසා හා පොහොර මිල ගණන් ද ඉහළ ගොස් ඇති නිසා මේ වන විට ගෙවතුවල වගා කිරීමද පහසු දෙයක් නොවන බව ඔවුහු සඳහන් කරති.

 



අදහස් (0)

එළවළු පැළත් ගණන් උස්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site