IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එළවලු මිල පහ‍ළට

(කාංචන කුමාර ආරියදාස)

පසු  ගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති.

ඒ අනුව විසි දෙක දින අලුයම වන විට සැලකිය යුතු ප්‍රමාණයෙන් එළවළු මිල පහත වැටී ඇතත් ඒවා මිලදී ගැනීම සඳහා තවමත්  වෙළෙන්දන් ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි.

එළවළු මිලදී ගැනීම අවම විමත් සමඟ සීග්‍රයෙන් ඉහළ ගිය සියළුම එළවළු වර්ග මිල පහත වැටී තිබේ.

 ජනවාරි මාසයේ 17 දින පැවති මිල සහ 22  උදෑසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැවැති  එළවළු කිලෝ එකක තොග මිල  මෙසේ  සඳහන් කිරීමටහැකි වී තිබේ.

වර්ගය   ජනවාරි 17 දිනය පැවති මිල     

ජනවාරි 22 දින උදෑසන පැවති මිල

ගෝවා         

640  - 650                     

  350 - 380
ලීක්ස් 600  - 700                       

  250 - 300

කැරට් 

1700 - 2500  

 600 - 900
 තක්කාලි    

200  - 300              

 350 - 400
රාබු 

90   - 100  

 70  - 80
කැකිරි

80  - 110   

100 - 110
 පිපිඤ්ඤා     

70  -75  

60 - 65
 වැටකොලු     300  - 320

300  - 320

බණ්ඩක්කා 290  - 300

250 - 300

පතෝල         

250 -300

250 - 300  
 කරවිල         

400 - 450

300  - 350 
 ‘වට්ටක්කා     100  - 130

90  - 100

වම්බටු                              

 380  - 400    400 - 480

එල බටු                            

380  - 400      400  - 450       

දඹල                             

300 -  320         320 - 350

මෑ කරල්                           

300 - 350     250 - 300

දෙහි                         

 120  - 130         130  - 150

අමු මිරි ස්                  

 1000 - 1100      500 - 600

මාළු මිරිස්                       

1000- 1200     700-750

 

 



අදහස් (4)

එළවලු මිල පහ‍ළට

WCA Monday, 22 January 2024 12:44 PM

මේක මාර අමුතු ඇටේ. මේ ඉක්මනට වැස්සෙන් විනාශ උනු වගාව දවස් 7ට පලදාවපළදාව ඇවිල්ල යකෝ

:       0       28

චන්දන Monday, 22 January 2024 02:51 PM

ආශ්චර්යවත් කෘෂිකාර්මික බිමක්. වැස්ස අඩුවුණා විතරයි. ඵලදාව ක්ෂණිකව වැඩිවෙලා මිලත් පහළ ගියා. ඕං කවුරුත් කියන්න එපා වෙළෙන්දා ගසා කනවා කියලා...!

:       0       6

de silva Monday, 22 January 2024 03:25 PM

සහල් මාෆියා මුදලාලි විශ්ව විද්‍යාලවල දේශන පවත්වන රටේ මෙහෙම දේවල් ගැන පුදුම වෙන්න ඕනේ නැහැ...

:       2       3

කැරට් Monday, 22 January 2024 05:51 PM

අර කැරට් කිලෝගණන් කන මාලිමාවේ චිත්‍ර අඳින මල්ලිලා මේවාට අදහස් දාන්නේ නැහැ වගේ...

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site