IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එළවලු ගිනි ගනං

(නිමල කොඩිතුවක්කු)

පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් වෙළඳපොළේ එළවලු මිල ගණන් දරාගත නොහැකි ලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව බොංචි, කැරට්, දෙහි, අමුමිරිස් ඇතුලු සියලුම ද්‍රව්‍ය වල මිළ ගණන් සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇතැයි ඔව්හු සඳහන් කරති.
සාමාන්‍ය වෙළඳපොළේ බොංචි කිලෝවක් රුපියල් 800ත් 850කටත්,  කැරට් කිලෝවක් රුපියල් 550ත් 600 ත් අතර මිළකටත්, ගෝවා කිලෝවක් රුපියල් 540 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 590 කටත්, වැටකොලු 450 කටත්, පතෝල 520 කටත්, මාලු මිරිස්  කිලෝවක් රුපියල් 950 කටත්, වම්බටු කිලෝව 520 කටත්, බණ්ඩක්කා  කිලෝව රුපියල් 350 කටත්, කරිවිල කිලෝව 990 කටත්, ඉගුරු 1750 කටත්, දෙහි කිලෝවක් රුපියල් 2200 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 1100 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.
කොළඹ මැනිං වෙළදපොලේ තොග මිළ  බොංචි කිලෝවක් රුපියල් 650කටත්,  කැරට් කිලෝවක් රුපියල් 350කටත්, ගෝවා කිලෝවක් රුපියල් 320කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 350 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 400 කටත්, දේශීය අල කිලෝවක් 295 කටත්, දෙහි කිලෝවක් රුපියල් 1000 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 800 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.
මේ අතර කොස්, දෙල්, පලා වර්ග ආදී සියලුම වර්ගවල මිල ඉහළ ගොස් ඇතැයිද ඔව්හු තවදුරටත් පවසති.

 



අදහස් (3)

එළවලු ගිනි ගනං

අජිත් Thursday, 30 November 2023 01:38 PM

වැහි නැති කාලේට. වැස්ස නැති නිසා එළවලු ගණන්. වැස්ස තියෙනකොට වැස්ස නිසා එළවලු ගණන් මේවා තනිකර බොරු මිනීස්සු ගසා කන ගොවියන්ගේ. වෙළදුන්ගේ මංකොල්ල කාරී ගැට මෙහෙම කරනකොට රජය පිටරටින් එළවලු ගෙනවිත් පුළුවන් මට්ටමට. ජනතාව අතර බෙදා හැරිය යුතුයි එතකොට. ඔය ඉහල යන ඒවා නිකම්ම පහල යයි හබැයි ඔය ගොවි. සමිති හරහා. උන්ගේ දේසපාලන වාසි තකා ඕවා කරවන කුපාඩි ජෙප්පෝ. නම් උන්ගේ. බොකු බඩවැල් එලියට එනකම් කෑගහසයි. එහෙම කරනකොට

:       6       6

NeelakSunday, 03 December 2023 02:03 AM

ඔව්, බිත්තරවලට කළා වගේ...! 

:       0       0

Neelak Sunday, 03 December 2023 02:01 AM

ඕක නිසා තමයි හර්ෂ ද සිල්වා මැතිතුමා ඇඹිලිපිටිය, යාපනය, දඹුල්ල නගරවල අධික ශීතාගාර හදලා ඒවායේ එළවලු මිල අඩු කාලයේ දී ගබඩා කරලා, වැඩි කාලයේදී සාධාරණ මිලකට අලෙවි කරන්න. කොහේද රට බේරාගත් හොර රණවිරුවාටයි රාජපක්ෂ හොරුන්ට තව හැදෙන්නයි 69 ලක්ෂයක් ඡන්ද ගන්න කරගහපු වීරවංශටයි පිං සිද්ද වෙන්න 69 ලක්ෂය ඇතුළු සැම කෙනාම පවුවලට කර ගහන්නේ. මේවාට පිරුවට ඇඳන් ඉන්න, ජනතාව අන්දන්න ඉන්න සහෝදරවරුත් වග කියන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site